Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ශූරීන්ගේ ටෙස්ට් ද්විත්ව ශතක 12 ලෝක වාර්තාව බිඳ දැමීමට තමන්ට අවස්ථාව ලැබේ යයි වන හැගීම තමන්ගේ ටෙස්ට් තරග දිවිය වඩාත් දීර්ඝ කිරීමට හේතුවක් විය හැකි බව කුමාර් සංගක්කාර පවසයි.
නවසීලන්තයට එරෙහිව අද (4 වැනිදා) ලබාගත් ද්විත්ව ශතකයත් සමගින් ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ටෙස්ට් ද්විත්ව ශතක 12 ලෝක වාර්තාවට ආසන්න වූ කුමාර් සංගක්කාර, වෙලින්ටන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වීමෙන් පසුව පුවත් පත් සාකච්ඡුාවකට එක්වෙමින් මෙසේ පැවසීය.
තිස්හත් වැනි වියේ සිටින සංගක්කාර අද ලබාගත්තේ සිය 11 වැනි ටෙස්ට් ද්විත්ව ශතකයයි. වෙලින්ටන් ටෙස්ට් තරගයට පොරතුව ඔහු ඉගි කර සිටියේ මෙම තරගය තමන්ගේ ටෙස්ට් දිවියේ අවසන් තරගය විය හැකි බවත් ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් සියලූම ආකාරයේ අන්තර්ජාතික තරග වලින් සමුගැනීමට ඉඩ ඇති බවයි.
එහෙත් වෙලින්ටන් තරගයේ පළමු දිනය අවසානයේ තිබූ තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළා දැමූ ඉනිමකින් පසුව සංගක්කාර කීවේ බ‍්‍රැඞ්මන්ගේ වාර්තාව බිඳ හෙළීමේ අවස්ථාව ලැබේ යයි වන හැගීම නිසා තමන්ගේ ටෙස්ට් දිවිය දීර්ඝ විය හැකි බවයි.
”මා ඒ සඳහා ඉතා ආශාවෙන් බලා ඉන්නවා”
”මේ හැම දේම රඳා පවතින්නේ ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ සිදුවන දේ අනුවයි. ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ මොනවා වේවිද, ඒ වෙනකොට මගේ කි‍්‍රකට් අනාගතය සම්බන්ධනේ මගේ සිතිවිලි කොයි ආකාරයෙන් තියේවිද කියලා අනාවැකි කියන්න අමාරුයි”
”මා තේරීම් කමිටු නිලධාරීන් සමග සාකච්ඡ කරලා තියෙන්නේ. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියෙන් පස්සෙත් තවත් මාස කිහිපයක් ටෙස්ට් තරග වලට සහභාගි වෙනවාද නැද්ද කියලා ඔවුන් සමග නැවතත් සාකච්ඡුා කරන බවටත් මා ඔවුන්ට පොරොන්දු වුණා” යයි සංගක්කාර අද සවස වෙලින්ටන්හිදී පැවසීය.
2014 වසරේදී ලොව වඩාත්ම සාර්ථක ටෙස්ට් පිතිකරුවා වූ සංගක්කාර එම වසර තුළදී ලකුණු 1493 ක් ලබාගත් අතර ඊයේ (3 වැනිදා) ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගියේය.
කුමාර් සංගක්කාර මෙතෙක් ලබාගත් ටෙස්ට් ද්විත්ව ශතක 11 න් පහක්ම විදේශයන්හිදී ලබාගත් ඒවා වෙයි. එයද ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්, ශී‍්‍රමත් ලෙනාඞ් හට්න් සහ බ‍්‍රයන් ලාරා සමග සංගක්කාර සමසේ උසුළන වාර්තාවකි.
ලොව වැඩිම ටෙස්ට් ශතක ලාභීන් අතරේත් සිවුවැනි කී‍්‍රඩකයා බවට පත්ව සිටින සංගක්කාරගේ ටෙස්ට් ශතක සංඛ්‍යාව 38 කි. ශතක ලබාගැනීම අනුව සචින් තෙන්ඩුල්කාර් (51), ජැක් කලිස් (45) සහ රිකී පොන්ටිං (41) තිදෙනා සංගක්කාරට ඉදිරියෙන් සිටිති.
ටෙස්ට් පිතිකරුවන් අතරේ හොඳම සාමාන්‍යය රඳවාගෙන සිටින පිතිකරුවන් අතරේද සංගක්කාර (58.92) දෙවැනි වන්නේ ශ‍්‍රීමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ලකුණු 99.96 ට පමණි.
”ආශාව (රට වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කිරීම සඳහා) හැමදාමත් තිබුණා”
”මෙතන තියෙන්නේ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට කැමැත්තක් නැතිකම නෙමේ. ඒත් මේ දෙවල් ගැන තීරණයක් ගන්න ඕන දවසක් එනවා. ඒ ගැන ඉවෙන් වගේ දැනෙනවා” යයිද සංගක්කාර පැවසීය.
ලෝක කුසලාන තරගාවලියන් පසුවත් සංගක්කාර ටෙස්ට් තරග වලට සහභාගි වන්නේ නම් මේ වසරේදී ඉන්දියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය සමග ටෙස්ට් තරගාවලි කිහිපයට සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.