Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හි, ශහුර් අහ්මඞ් චෞද්රි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (07) ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ලකුණු 467 ක් ඉලක්කයක් බංග්ලාදේශයට බාර කළේය.
අද දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශය කිසිවකු නොදැවී ලකුණු 12 ක් රැස් කරමින් තවත් ලකුණු 455 ක් පසු පසින් සිටියේය.
පළමු ඉනිමේදී ත‍්‍රිත්ව ශතකයක් (319) ලබාගත් කුමාර් සංගක්කාර දෙවැනි ඉනිමේදීත් ශතකයක් (105) ලබාගනිමින් වසර 137 ක ලෝක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ එවැන් දස්කමක් කළ දෙවැනි ක‍්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක්විය.
එංගලන්ත පිලේ හිටපු නායකයකු වන ග‍්‍රැහැම් ගුච් 1990 වසරේ ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 333 ක් ලබාගත් අතර දෙවැනි ඉනිමේදී ලකුණු 123 ක් රැස්කරමින් එකම තරගයකදී ති‍්‍රත්ව ශතකයක් සහ ශතකයක් ලබාගත් ලොව පළමු ටෙස්ට් ක‍්‍රීඩකයා බවට පත්ව සිටියේය.
දෙවැනි ඉනිමේදී ලකුණු 99 ක් ලබා සිටි සංගක්කාර සොහග් ගාෂිගේ පන්දුවකට වයිඞ් ලෝන් ඕන් කළාපයට ඉහළින් ගැසූ අලංකාර හයේ පහරින් ශතකය සම්පූර්ණ කළේය. එහෙත් ඊලඟ පන්දුවට ස්විප් පහරක් ගැසීමට යෑමෙන් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා සංගක්කාර ලකුණු 105 කට දැවී ගියේය.
සංගක්කාරගේ පන්දු 144 ක ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් අන්තර්ගත විය.
මෙම ශතකය සමග ටෙස්ට් තරග දෙකකදී ඉනිම දෙකේදීම ශතක ලබාගත් දෙවැනි ශී‍්‍ර ලාංකික පිතිකරුවා බවටද සංගක්කාර පත්විය. සංගක්කාරට පෙර අරවින්ද ද සිල්වා 1997 දී පාකිස්තානයට සහ ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග දෙකකදී ඉනිම දෙකේදීම ශතක ලබා තිබිණ.
ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් ශී‍්‍ර ලාංකිකයන් වන්නේ දුලිප් මෙන්ඩිස් (1982 දී ඉන්දියාවට එරෙහිව), අසංක ගුරුසිංහ (1991 දී නවසීලන්තයට එරෙහිව), අරවින්ද ද සිල්වා (1997 දී ඉන්දියාවට හා පාකිස්තානයට එරෙහිව) සහ තිලකරත්න ඩිල්ෂාන් (2009 දී බංග්ලාදේශයට එරෙහිව) සහ කුමාර් සංගක්කාර (2013 සහ 2014 වසර වලදී බංග්ලාදේශයට එරෙහිව) යන පිතිකරුවන්ය.
දිගින් දිගටම අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල් දෙවැනි ඉනිමේදී පන්දු 158 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස් කළේය. මෙය චන්දිමාල්ගේ තෙවැනි ටෙස්ට් ශතකයයි.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න (15) සහ කෞෂාල් සිල්වා (29) විශාල ඉලක්කයක් ලබාදීම ආරමුණින් වේගයෙන් ලකුණු රැස්කිරීමට ගත් උත්සහයේදී දැවී ගියහ.
අද පෙරවරුවේ පළමු ඕවර පහ තුළදී අජන්ත මෙන්ඩිස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 426 කට සීමා විය. ඒ අනුව ශ‍්‍රී ලංකාවට පළමු ඉනිමේදී ලකුණු 161 ක වාසියක් හිමිවිය.
වසරකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් තරගයකට සහභාගි වූ අජන්ත මෙන්ඩිස් ලකුණු 99 කට කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය. ඩිල්රුවන් පෙරේරා ලකුණු 119 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.
ඊයේ (06) දිනය අවසන් වන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 409 ක් ලබා සිටි බංග්ලාදේශ පිලට අද පෙරවරුවේදී රැස්කළ හැකි වූයේ ලකුණු 17 ක් පමණි.
හෙට (08) තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.