Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 නවසීලන්තයට කඩුලූ 8 ක ජයක්

නවසීලන්තයට කඩුලූ 8 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ක‍්‍රයිස්චර්ච් නුවරදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගයේදී නවසීලන්ත පිල කඩුලූ 8 ක පහසු ජයක් අත්කරගත්තේය. තරගයේ සිවුවැනි දිනය වූ අද (29 වැනිදා) ජයග‍්‍රහණය වෙනුවෙන් ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 107 ලබාගත් අතර හිටපු නායක රොස් ටේලර් (නොදැවී 39) සහ කේන් විලියම්සන් (නොදැවී 31) දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

තුන්වැනි දිනය නිමා වන විට ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 293 ක් ලබා සිටියේය.

ටිම් සවුතිගේ පන්දුවක් අද පෙරවරුවේදී හතරේ සීමාවට යැවූ නායක ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්ත පිල දෙවැනි ඉනිමටත් පිටියට කැඳවමින් ලකුණු 303 පසුකර ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව තල්ලූකර දැම්මේය. එහෙත් තව ලකුණු 4 ක් පුවරුවට එක්වීමත් සමගම කෙටි පන්දුවකින් තරිඳු කෞෂාල් පිටියෙන් ඉවත් කළ ටිම් සවුතී,  ඕවර 3 කදී කඩුලූ 3 ක් දවාගනිමින්, මුලූ ලකුණු සංඛ්‍යාව 325 ක් වෙද්දී ශී‍්‍ර ලංකා පිලේ 8 වැනි කඩුල්ලත් බිම දැම්මේය.

ලකුණු 348 දී ප‍්‍රසන්න ජයවර්ධනත් දැවී යාම නිසා ඉක්මනින්ම අවසන් කඩුල්ල දවාගත්තේ නම් නවසීලන්ත පිලේ ජයග‍්‍රාහී ඉලක්කය ලකුණු 50 ටත් අඩුවන්නට තිබිණ.

ශී‍්‍ර ලංකා පිලේ අවසන් කඩුල්ල දවාගැනීම සඳහා දිවා ආහාරය ගැනීම ප‍්‍රමාද කළ නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ශමින්ද එරංග සහ සුරංග ලක්මාල් දෙදෙනා ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.

එරංග හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කළ අතර සුරංග ලක්මාල්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත වූයේය. මෙම පිතිහරඹය නිසා තරගයෙන් ජයගැනීමට නවසීලන්ත පිට ලකුණු 105 ක ඉලක්කයක් කරා යාමට සිදු විය.

තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා වෙලින්ටන් නුවර බේසින් රිසර්ව් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ලකුණු පුවරුව


අදහස් (0)

නවසීලන්තයට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.