Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 දෙවැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරයි

දෙවැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හිදී පැවති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයකින් තොරව අද 8 වැනිදා අවසන් විය. මෙම තරගය ජය පරාජයකින් තොරව අවසන් වීමත් සමගම දෙරට අතර පැවති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමිවිය.

සිව්වැනි ඉනිමේදී ලකුණු 467 ක ඉලක්කයක් කරාගිය බංග්ලාදේශ කණ්ඩායම තරගය නතර කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 271 ක් ලබා සිටියේය.

මොමිනුල් හක් නොදැවී ලකුණු 100 ක් ලබාගනිමින් බංග්ලාදේශ පිල පරාජයෙන් බේරාගත්තේය.

දකුණතින් පා දග පන්දු යවන කිත්රුවන් විතානගේ අවස්ථානුකූල පන්දු යවන්නකු ලෙස කැදවීම ප‍්‍රතිඵල ගෙන දෙමින් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පළමු කඩුල්ල ලෙස තමීම් ඉක්බාල් (31) දැවී ගියේය.   

ආරම්භක පිතිකරුවන් වන තමීම් ඉක්බාල් සහ ශම්සූර් රහමන් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්ව සිටියහ.

තරගය විසදුමකින් තොරව අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු ලබා ගැනීමට වඩා කඩුලූ රැක ගැනීමට වැඩි උනන්දුවක් දක්වන බව පෙනුණි.

ලකුණු පුවරුව


අදහස් (0)

දෙවැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.