Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුසල් පෙරේරාගේ වේගවත් පිතිහරඹයට ස්තුති වන්නට ලකුණු 168 ක් ලබාගත් ශී‍්‍ර ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 2 ක තියුණු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය. මෙම තරගය චිතගොංහි, ශහුර් අහ්මඞ් චෞද්රි ක‍්‍රීඩාංගණයේදී අද (12) පැවැත්විණ.
ලකුණු 169 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිලට ඕවර 20 දී ලකුණු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි.
බංග්ලාදේශ පිලට ජයග‍්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 17 ක් රැස්කිරීමට සිදුවූ අතර තිසර පෙරේරා යැවූ එම ඕවරයේ පළමු පන්දු පහට ලකුණු 14 ක් රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ. අවසන් පන්දුවට ලකුණු තුනක් රැස්කිරීමට සිදුවූ අතර එහිදී එනමුල් හක් දැවී ගියේය.
එනමුල් හක් දක්‍ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 45 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 58 ක් රැස් කරමින් බංග්ලාදේශ පිල ජයග‍්‍රහණය පෙනෙන මානයට ගෙන ඒමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් යොවුන් පිතිකරු කුසල් පෙරේරා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 44 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 64 ක් රැස් කිරීමට සමත් විය. කුසල් පියවර කීපයක් ඉදිරියට පැමිණ ඉහළින් ගැසූ ඔහුටම ආවේනික පහර ඞීප් මිඞ්විකට් කළාපයේ පන්දු රකිමින් සිටි අර්ෆට් සමී සුවිශේෂි උඩ පන්දුවක් බවට පරිවර්ථනය කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6 ක් මෙන්ම කඩුල්ල ද අහිමිවිය.
නුවන් කුලසේකර ඉනිමේ අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 168 ක් දක්වා ශී‍්‍ර ලංකා පිල රැගෙන ඒමට සමත් විය. නුවන් කුලසේකර පන්දු 21 කදී හතතරේ පහරක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට තිසර පෙරේරා පන්දු 16 කදී නොදැවී ලකුණු 19 ක් ලබා සිටියේය.
කුමාර් සංගක්කාර ලකුණු 11 ක් ලබා සිටියදී නසීර් හොසේන් රැකගත් අති විශිෂ්ට උඩ පන්දුව හමුවේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි දිනේෂ් චන්දිමාල් ඉහළින් ගැසූ පහර ලෝන් ඕන්හිදී ෆර්හත් රීෂා රැකගත් හෙයින් චන්දිමාල් පිටියෙන් ඉවත් විය. චන්දිමාල් පන්දු 15 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 18 ක් රැස් කළේය.
බංග්ලාදේශ පිලේ නායක මර්ෂාෆි මොර්ටාෂා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
දෙරට අතර දෙවැනි සහ අවසන් විස්සයි20 තරග අනිද්දා (14) චිතගොංහිදීම පැවැත්වේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.