Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 අවසන් පන්දුවේදී සේනානායක ජය ගෙනෙයි

අවසන් පන්දුවේදී සේනානායක ජය ගෙනෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

 

අවසන් පන්දුවේදී සචිත‍්‍ර සේනානායකගේ පිත්තෙන් වැදුණු පහරින් පන්දුව හතරේ සීමාව පසුකර යාම නිසා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත වූ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (14 වැනිදා) සමත් වූහ. චිතගොන්හි, ශහුර් අහ්මඞ් චෞද්රි ක‍්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක ජයක් ලැබීය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 121 ක් හඹා ගිය ශී‍්‍ර ලංකා පිල අවසන්  ඕවරයේදී ලකුණු 9 ක් ලබාගත යුතු වූ අතර එහි පළමු පන්දු 5 ට ලකුණු 7 ක් ලබාගත් තිසර පෙරේරා සහ සචිත‍්‍ර සේනානායක අවසන් පන්දුවේදී ලකුණු 2 ක් ලබාගැනීමට ඉතිරි කරගත්හ. අවසන් පන්දුවට සේනානායක ගැසූ පහරින් ඇදුණු පන්දුව හතරේ සීමාව පසුකර ගියේය.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලූ හය ලකුණු 50 කට බිද වැටීමෙන් පසුව කුමාර් සංගක්කාර සහ තිසර පෙරේරා ලකුණු 46 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය දක්වා යා හැකි තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

කුසල් පෙරේරා පන්දු 18 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 21 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. සෙසු ඉදිරි පෙළ පිතිකරුවන් වන තිලකරත්න ඩිල්ෂාන් (03), දිනේෂ් චන්දිමාල් (03), ඇන්ජලෝ පෙරේරා (04) සහ ඇන්ජලෝ මැතිව්ස් (02) අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණි.

පළමු පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම ලකුණු 120 කට සීමා කිරීමට සචිත‍්‍ර සේනානායක (11/2) සහ නුවන් කුලසේකර (32/2) විශාල දායකත්වයක් සැපයූහ. ලසිත් මාලිංග ලකුණු 20 කට කඩුලූ තුනක් දවා ගත්තේය.  

කුසල් පෙරේරා, ඞීප් මිඞ්විකට් කළාපයේ හතරේ සීමාව අසළදී ගුවනේ පියාඹා යමින් රැකගත් අති විශිෂ්ට උඩ පන්දුවත් සමග පළමු තරගයේදී අර්ධ ශතකයක් රැස්කළ එනමුල් හක් (24) පිටියෙන් ඉවත් කිරීමෙන් බංග්ලාදේශ පිල සසළ විය.

වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි ශකීබ් අල් හසන්ගේ ඉනිම, නුවන් කුලසේකර ඞීප් මිඞ්  ඕන් කළාපයට දිවයමින් රැකගත් අනගි උඩ පන්දුව හමුවේ ලකුණු 12 කට සීමා විය.  

තිලකරත්න ඩිල්ෂාන් පළමු  ඕවරය යවමින් පස්වැනි පන්දුවේදී ශම්සූර් රහමන් පිටියෙන් (01) ඉවත් කිරීමට සමත් වූ අතර නුවන් කුලසේකර දෙවැනි  ඕවරයේ දෙවැනි පන්දුවේදී ප‍්‍රවේගකාරි පිතිකරු තමීම් ඉක්බාල් දවා ගත්තේය.

බංග්ලාදේශ පිලේ නායක මර්ෂාෆි මොර්ටාෂා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය මේ මස 17 වැනිදා ඩකාහිදී පැවැත්වේ.

ලකුණු පුවරුව

 

- 048


අදහස් (6)

අවසන් පන්දුවේදී සේනානායක ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.