Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානයට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (12) අවසන් වූ දෙවැනි තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ. ශ‍්‍රී ලංකාව මෙම ජයග‍්‍රහණයත් සමග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීයේය.
ශ‍්‍රී ලංකාව වසර දෙකකට පසුව මව්බිමෙන් පිටතදී ලැබූ ටෙස්ට් ජය මෙය වන අතර ශ‍්‍රී ලංකා පිල අවසන් වරට තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ඩර්බන්හිදී 2011 වසරේ දෙසැම්බර් මස දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 208 ක ජයක් ලබා ගත්තේය.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගාවලි දෙකකදී තරග පහකට සහභාගි වී ඇති ශ‍්‍රී ලංකාව ලැබූ පළමු ටෙස්ට් ජය මෙය වේ.
ශ‍්‍රී ලංකා පිල ලකුණු 137 ක ජයග‍්‍රාහි ඉලක්කය තේ විවේකයට පෙර එක කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කළේය. ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න (නොදැවී 62) සහ කෞෂාල් සිල්වා (58) ලකුණු 124 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
මෙම අර්ධ ශතකය කෞෂාල් සිල්වාගේ ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ තෙවැනි අර්ධ ශතකය මෙන්ම මෙම සංචාරයේ පිට පිටම ඉනිම තුනකදී (81,95,58) රැස්කළ තෙවැනි අර්ධ ශතකය ද වේ.
අද (12) පස්වරුවේ පළමු පැය තුළදී ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 359 කට සීමා කිරීමට සමත් වූහ.
සුරංග ලක්මාල් දක්‍ෂ පන්දු යැවීමක නිරක වෙමින් පාකිස්තානු දෙවැනි ඉනිමේදී ලකුණු 78 කට කඩුලූ 4 ක් දවා ගනිමින් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ සාර්ථකම පන්දු යැවීම වාර්තා කළේය. සුරංග ලක්මාල් අද පෙරවරුවේදී බිඳ වැටුණු කඩුලූ තුනම ලබා ගනිමින් ශ‍්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවීය.
නුවන් ප‍්‍රදීප් (50/2), ශාමින්ද එරංග (74/2) සහ රංගන හේරත් 132/2) සාර්ථක පන්දු යැවීමක නිරත වූහ.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස සෆ්රාෂ් අහ්මඞ් ලකුණු 74 ක් ලබා සිටියදී 8 වැනි කඩුල්ල ලෙස සුරංග ලක්මාල් හමුවේ දැවී ගියේය.
කඩුලූ රකින ක‍්‍රීඩක සෆ්රාෂ් අහ්මඞ් පාකිස්තානයට අවශ්‍ය අවස්ථාවේදී හොද ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිවුවැනි දිනයේ සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය රැස් කළේය. සෆ්රාෂ් පන්දු යවන්නන්ට හිස එසවීමට අවස්ථාව නොදී දුර්වල පන්දුවලට ලකුණු රැස් කිරීම කැපී පෙනුණි.
නිත්‍ය කඩුලූ රකින්නා වන අද්නන් අක්මාල් පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයට සෆ්රාෂ් කැදවීය.
මෙහිදී ශ‍්‍රී ලංකා කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන ඉනිම දෙකේදී දවා ගැනීම් 9 කට සම්බන්ධ වෙමින් ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ තරගයකදී වැඩිම දවා ගැනීම්වලට සම්බන්ධ වූ කඩුලූ රකින්නාගේ ශ‍්‍රී ලංකා වාර්තාව සම කිරීමට සමත් විය. ප‍්‍රසන්න ජයවර්ධන මෙම තරගයේ පළමු ඉනිමේ උඩ පන්දු 4 ක් සහ දෙවැනි ඉනිමේ උඩ පන්දු 5 ක් සමගින් උඩ පන්දු 9 ක් රැක ගැනීමට සමත් විය.
ශ‍්‍රී ලංකා පිලේ හිටපු කඩුලූ රකින්නකු වන අමල් සිල්වා 1985 වසරේ ඉන්දියාවට එරෙහිව එස්. එස්. සී. සහ පී. සරවනමුත්තු යන ක‍්‍රීඩාංගණවලදී දෙවරක් දවා ගැනීම් 9 කට බැගින් සම්බන්ධ වෙමින් එම වාර්තාව පිහිටුවා තිබේ.
දෙරට අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 16 වැනිදා සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාගංණයේදී ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.