Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තම පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ නායක හසිම් අම්ලා නොදැවී ලකුණු 139 ක් ලබාගනිද්දී කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (26 වැනිදා) සවස් වරුවේදී දකුණු අපි‍්‍රකානුවෝ ලකුණු 282 කට දැවී ගියහ. තුන්වැනි දිනයේ කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 11 ක් ලබා සිටියේය.
පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 139 ක වාසියත් සමගම ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයේදී ලකුණු 150 ක් ඉදිරියෙන් සිටින අතර තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබේ.
පැය 8 කට වැඩි කාලයක් පුරා පන්දු 382 කට මුහුණ දෙමින් ඉතාමත් සෙමින් නමුත් ප‍්‍රවේසමෙන් ලකුණු ලබාගත් අම්ලා කල් යල් බලා ගැසූ හතරේ පහර 12 ක්ද තම ඉනිමට ඇතුළත් කළේය.
අද පෙරවරුවේ පළමු පැය ප‍්‍රවේසමෙන් ගෙවා දැමීමට දකුණු අපි‍්‍රකානුවන් වගබලාගත් නමුත් දිනයේ යැවූ 17 වැනි ඕවරයේදී කඩුලූ දෙකක් දවාගත් ඩිල්රුවන් පෙරේරා ශී‍්‍ර ලංකා කණ්ඩායම නැවතත් තරගයට කැඳවාගෙන ආවේය.
දිවා ආහාරය වන විට දකුණු අපි‍්‍රකානුවන්ට ලබාගත හැකිවූයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 163 ක් පමණි.
දිවා ආහාරයෙන් පසුව ලකුණු 175 දී 6 වැනි කඩුල්ලත් ලකුණු 204 දී 7 වැනි කඩුල්ලත් දැවී ගිය හෙයින් පිටි පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවදානම දකුණු අපි‍්‍රකානුවන් ඉදිරියේ තිබිණ. එහෙත් ඬේල් ස්ටේන්ගේ සහයෝගය කදිමට ලබාගත් අම්ලා එක්ස්ට‍්‍රා කවර්ස් කලාපය හරහා ගැසූ අලංකාර කවර් ඩ‍්‍රයිව් පහරකින් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවදානමෙන් තම කණ්ඩායම මුදවාගත්තේය.
රංගන හේරත්ගේ පන්දුවකින් ජේ. පී. ඩුමිනි ස්ටම්ප් කිරීමකට හසුකරගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත් වූ අතර ඩිල්රුවන්ගේ පන්දුවකින් වර්නන් පිලැන්ඩර් දැවී ගියේය. කෙසේ වෙතත් මුලූ ලකුණු සංඛ්‍යාව 239 ක් ව තිබියදී ඬේල් ස්ටේන් ස්ටම්ප් කිරීමට ලැබුණු අවස්ථාවකින් දික්වැල්ල ප‍්‍රයෝජන ගත්තේ නම් ශී‍්‍ර ලංකා පිලේ වාසිය මීට වඩා වැඩි වන්නට තිබිණ.
දෙවැනි දින සන්ධ්‍යාවේදී කඩුලූ 3 කට ලකුණු 98 ක් ලබා සිටි දකුණු අපි‍්‍රකානුවන්ගේ අරමුණ වූයේ හැකි සෑම විටෙකදීම පන්දුව කඩුල්ලට යා නොදී ආරක්‍ෂා කරගනිමින් දුර්වල පන්දු පමණක් තෝරා බේරාගෙන ලකුණු ලබාගැනීමයි. අද දිනයේ පළමු පැයේදී ලකුණු 45 ක් පමණක් ලබාගත් දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් එතැන් සිට දිවා ආහාරය දක්වා තරගය පැවැති විනාඩි 60 කට ලබාගත්තේ ලකුණු 20 ක් පමණි. දිවා ආහාරයෙන් පසුව පළමු පැයේදී ලකුණු 38 ක් පමණක් ලබාගත් දකුණු අපි‍්‍රකානුවන් අද දිනයේ මුහුණ දුන් ඕවර 82 දීම ලබාගත්තේ ලකුණු 184 ක් පමණි. ඔවුන්ගේ පසුගාමී ආකල්පය එයින්ම මොනවට පැහැදිළි වේ.
ඩිල්රුවන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් ඩිවිලියර්ස් ලකුණු 37 කට දැවී ගිය අතර එයින් පන්දු දෙකකට පසුව ක්වින්ටින් ඩි කොක් පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
දිනය පුරාම දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් අසීරුතාවට පත්කළ රංගන හේරත් (71/4) සහ ඩිල්රුවන් පෙරේරා (69/5) බිඳ වැටුණු කඩුලූ 9 ක් බෙදාගත් අතර ඩිල්රුවන් අද වාර්තා කළේ ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීමයි.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.