Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක බිලාවල් භාටි ශ‍්‍රී ලංකාවට එරෙහිව ඩුබායිහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීමෙන් සාජාහිදී මේ මස 16 වැනිදා ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
ශ‍්‍රී ලංකා පළමු ඉනිමේදී පන්දු යවමින් සිටියදී බිලාවල් භාටි වම් කකුලේ මස්පිඩු පෙරළීමේ අබාධයකට ලක්වූ අතර භාටි දෙවැනි ඉනිමේදී පන්දු යැවීමෙන් වැළකී සිටියේය. කෙසේ වෙතත් භාටි තම පිල වැටීසිටි තත්ත්වය අනුව පන්දුවට පහරදීමට පැමිණියේය.
දකුණතින් වේග පන්දු යවන බිලාවල් භාටි පළමු ටෙස්ට් තරගයේදී කඩුලූ 5 ක් සහ දෙවැනි තරගයේදී එක කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. භාටි පළමු ටෙස්ට් තරගයේදී මහේල ජයවර්ධන පිට පිටම පන්දු තුනකදී දවාගත් ක‍්‍රීඩකයා ද වේ.
පාකිස්තානු නායක මිස්බා උල් හක් පැවසුවේ ඔහු ආබාධයකට ලක්ව සිටින බවත් අවසන් තරගයට ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.