පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිවරයා කරන හැම කි‍්‍රයාවක්ම හොඳයි කීමට තමන් සූදානම් නැතැයි එහි තාක්ෂණික කමිටුවේ සභාපති රෝහිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.
පාපන්දු සම්මේලනයේ පැවති විධායක සභා රැස්වීමේදී ඇතිවූ බව කියන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ‘ලංකාදීප’ ය කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.
මෙම විධායක කමිටු රැස්වීමේදී රෝහිත ප‍්‍රනාන්දු මහතා කී‍්‍රඩා ඇමතිවරයාගේද දෝෂාරෝපණයට ලක් වූ බව වාර්තා විය. ඒ සම්බන්ධයෙන් ප‍්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.
”ඇමතිවරයා විධායක සභාවට ගෙන්වූයේ සභාපතිවරයායි. වත්මන් පාපන්දු සභාපතිවරයාගේ කි‍්‍රයා කලාපයට විධායක සභාවේ බහුතරයක් විරුද්ධ බවයි අපට පෙනිලා තිබෙන්නේ”
”නමුත් අපි බාල්දි පෙරළන අය කියලා සභාපතිවරයා රටට පෙන්වන්න උත්සහයක් ගන්න බව පේනවා. සභාපතිවරයාගේ හොඳ වැඩවලට අපි ඉදිරිපත්ව සහයෝගය දක්වනවා” යයිද රෝහිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.
”මේ සම්බන්ධයෙන් අපේ අදහස විධායක සභාවේදී පැහැදිලි කළා. සභාපතිවරයා වැරදි පාරෙ යනවා නම් විධායක කමිටු සාමාජිකයන් හැටියට එය පෙන්වලා දීම අපේ යුතුකමක් නිසයි මෙහෙම කතා කරන්නේ. ඒකත් කරන්න බැරි වුණොත් ලබන මාර්තුවේදී අපි නිලවරණයක් ඉල්ලා සිටිනවා” යයිද ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.