Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ පාපන්දු උපදේශක කමිටුව සංවිධානය කරන ජෝශප් ෆුට්සාල් පාපන්දු සැණකෙළිය පස්වැනි වතාවටත් අද ශාන්ත ජෝශප් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පාසල් 45 කින් ඒ සඳහා වයස් කාණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් සහභාගීවීමට නියමිතය. තරගමාලාවක් ලෙස පැවැත්වෙන එහිදී කුසලාන තරගාවලිය හැරෙන්නට පළඟ හා බඳුන ශූරතා සඳහාද තවත් තරගාවලි 2 ක්ද පැවැත්වේ.
මෙම තරගාවලියට දුරබැහැර ප‍්‍රදේශවලින්ද පාසල් කණ්ඩායම් ඉදිරිපත්ව සිටින බව තරග සංවිධායකයෝ ප‍්‍රකාශ කරති. වයස 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ බාලක තරග ඉසව් මෙම ෆුට්සාල් පාපන්දු සැණකෙළියට ඇතුළත් වේ.
ෆුට්සාල් සැණකෙළියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. එම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ හා රිනවුන් කී‍්‍රඩා සමාජයේ අනුශාසක රොබට් පීරිස් යන මහත්වරුන්ද එක්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.