Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football හදවත ලෙඩවීමෙන් සර්ජියෝ සමුගනී
පාපන්දු

හදවත ලෙඩවීමෙන් සර්ජියෝ සමුගනී

editorial - 2021 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ හිටපු ප‍්‍රබලතම ප‍්‍රහාරකයකු මෙන්ම බාර්සිලෝනා කණ්ඩායමේත් සිටි ඉදිරිපෙළ කී‍්‍රඩකයකු වන සර්ජියෝ ඇගියුරෝ පාපන්දු කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. මාධ්‍ය සාකච්ඡුාවක් කැඳවමින්, කඳුළු පිරි දෙනෙතින්, සිය සමුගැනීමේ නිවේදනය කළ 33 හැවිරිදි ඇගියුරෝට මෙම තීරණය ගැනීමට සිදුව ඇත්තේ මාසයකට පමණ ඉහතදී හෘදයාබාධයකට ලක්වීම හේතුවෙනි.

”වෘත්තීය පාපන්දු කී‍්‍රඩාවෙන් ඉවත් වෙන්න මා තීරණය කළා. ඒක ඉතාමත් අසීරු මොහොතක් වුණත් මගේ තීරණය සම්බන්ධයෙන් මා සතුටට පත්වෙනවා.. මොකද මගේ පළමු වැදගත්කම වන්නේ මගේ සෞඛයයි” යයි ඇගියුරෝ මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය.

වසර 10 ක් පුරා ඉතාමත් සාර්ථක ලෙසින් බි‍්‍රතාන්‍යයේ මැන්චෙස්රේ සිටි කණ්ඩායම නියෝජනය කළ ඇගියුරෝ පසුගිය තරගවාරය අවසානයේදී එතැනින් නික්ම බාර්සිලෝනා පිල සමගින් එක්විය. මැන්චෙස්ටර් සිටි පිල හා එක්වීමට පෙර, වසර 2006 සිට 2011 දක්වා ස්පාඤ්ඤයේ ඇත්ලෙටිකෝ මැඞ්රිඞ් පිල වෙනුවෙන්ද ඇගියුරෝ කී‍්‍රඩා කළේය.

මැන්චෙස්ටර් පිලෙන් ඉවත්ව බාර්සිලෝනා පිල සමග එක්වීමෙන් පසුව වසර දෙකක ගිවිසුමක් අත්සන් කළ නමුත්, ඔහුට කී‍්‍රඩා කළ හැකිවූයේ තරග 5 ක් පමණි.

 ඒ අතරවාරයේදී රියල් මැඞ්රිඞ් පිලට එරෙහිව ගෝලයක් ලබාගත්තේය. තරගයකින් අනතුරුව ඇතිවූ පපුවේ වේදනාවක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කරන ලදි. පසුව හෙළිදරව් වූයේ ඔහුට හෘදයාබාධයක් ඇති බවයි. එබැවින් පාපන්දු කී‍්‍රඩාවෙන් සමුගැනීමට ඇගියුරෝට සිදුවිය.

”පාපන්දු කී‍්‍රඩාවට නැවතත් එක්වීම සම්බන්ධයෙන් මා බොහෝ බලාපොරොත්තු සහගතව හිටියා. ඒත් දැන් නම් එකම බලාපොරොත්තුවක් වත් ඉතිරිවෙලා නෑ” යයි ඇගියුරෝ පැවසීය.

‘කුන්’ යන සුරතල් නාමයෙන් හැඳින්වෙන ඇගියුරෝ සිය වෘත්තීය පාපන්දු ජීවිතය ආරම්භ කළේ වසර 2006 දී ආර්ජන්ටිනාවේ ‘ඉන්ඩිපෙන්ඩන්ට්’ පිල වෙනුවෙන් කී‍්‍රඩා කරමිනි. පසුව ඔහු යුරෝපයේ කී‍්‍රඩා සමාජයක් වන ඇත්ලෙටිකෝ මැඞ්රිඞ් වෙත ගියේය.

පාපන්දු කී‍්‍රඩාවෙන් සමුගැනීම හේතුවෙන් ලබන වසරේදී කටාර්හිදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඔහුට මඟහැරෙනු ඇත. එහෙත් මේ වසර මුලදී, බ‍්‍රසීලයේදී පැවැති කෝපා ඇමරිකානු කුසලාන දිනාගත් ආර්ජන්ටිනා පිලේ සාමාජිකයකුව සිටියේය.

 

- 213

 


අදහස් (0)

හදවත ලෙඩවීමෙන් සර්ජියෝ සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.