Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සුපර් සන් - වයි.එම්.එස්.සී අවසන් තරගයට

සුපර් සන් - වයි.එම්.එස්.සී අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බේරුවල පාපන්දු ලීගය මෙහෙයවන ‘රංජිත් රුද්‍රිගූ’ අභියෝග කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දර්ගා නගරයේ වයි.එම්. එස්.සී. සහ බේරුවල සුපර් සන් කණ්ඩායම් සමත්වී ඇත.

පළමු අවසන් පූර්ව තරගයේදී බේරුවල බාබේරියන් කණ්ඩායම දඩුවම් පහර මගින් ගෝල 4-3 ක් ලෙස පරාජය කරමින් වයි.එම්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සුපර් සන් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මරදාන ගේ‍්‍රට් ස්ටාර් කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස පරාජය කරමිනි.

තරගාවලියේ අවසන් මහ තරගය ලබන ජනවාරි මස 5 වැනිදා පස්වරු 3.30 ට කළුතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

-036


අදහස් (0)

සුපර් සන් - වයි.එම්.එස්.සී අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.