Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සිටි ලිග් පාපන්දු තරගාවලිය ඇරැඹේ

සිටි ලිග් පාපන්දු තරගාවලිය ඇරැඹේ

editorial - 2023 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සිටි ලිග් සභාපති කුසලාන පස් කොන් පාපන්දු ලීග් තරගාවලිය යටතේ කොළඹ නම ගිය පාපන්දු ක්‍රීඩා සමාජ පහක් තරග වදිති. ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් 150000 ක් ප්‍රදානය කෙරෙන තරගාවලිය මෙම ජුනි මාසය පුරා කොම්පඤ්ඤවීදිය සිටි ලිග් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

පසුගිය සෙනසුරාදා (17) තරගාවලිය ආරම්භ වූ අතර එහිදී අනුශූරයන් සඳහා රුපියල් ලක්ෂයක් තිළිණ කෙරේ.

පසුගිය වසරේ දී ශූරතාව දිනා ගත් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ඇතුළුව කොළඹ ක්‍රී.ස., ජාවාලේන්, මාළිගාවත්ත යූත් හා මොරගස්මුල්ල ක්‍රී.ස. යන කණ්ඩායම් පහක් එහිදී සභාපති කුසලාන සඳහා තරග වදිති.

ප්‍රතිවාදීන් සියලුදෙනා එකිනෙකා මුණගැසෙන ලීග් ක්‍රමයට තරගාවලිය පැවැත්වේ. එහිදී වැඩිම ප්‍රසාදලාභීන් දෙදෙනා බවට පත්වන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට නිර්දේශ ලබති.

මෙම තරගාවලිය නිමාවෙන් පසුව වයස 19න් පහළ පාපන්දු තරගාවලියක් ද සංවිධානය කරන බව කොළඹ සිටි ලීගය පවසයි. ඒ අතර ලීගයේ ආරාධනයෙන් වයස 12න් පහළ, 14න් පහළ, 16න් පහළ හා 18න් පහළ ඉන්දීය පාපන්දු කණ්ඩායම් හතරක් මෙරට තරග සංචාරයක් සඳහා කොළඹට පැමි​ණේ.


අදහස් (0)

සිටි ලිග් පාපන්දු තරගාවලිය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.