Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ තෙවැනි දිනය වූ අද (10 වැනිදා) කොළඹ සිටි ලීග කී‍්‍රඩාංගණයේ පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට කළුතර සිරිකුරුස, බම්බලපිටිය ශාන්ත පීතර, පුත්තලම සහිරා සහ කොළඹ ලූමිබිණි යන විදුහල් සමත් විය.
පුත්තලම සහිරා විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල පැවැති තරගය අද පැවැති තරග අතුරින් වඩාත් තියුණු මුහුණුවරක් ගත්තේය. එම තරගයේ 40 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සහිරා විදුහලේ එම්. එම්. මුසකීර් සමත් වූ අතර ඉන් මිනිත්තු 13 කට පසුව (53 වැනි මිනිත්තුවේදී) ගෝලයක් වාර්තා කළ වෙස්ලි විදුහලේ ඩබ්ලිව්. එන්. පෙරේරා, කණ්ඩායම් දෙකම සම තත්ත්වයකට ගෙන ආවේය.
කෙසේ වුවත් 64 වැනි මිනිත්තුවේදී සහිරා විදුහල වෙනුවෙන් ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළ නෆී ශියාම්, මෙම තරගයේදී සිය කණ්ඩායමට ගෝල 2-1 ක ජයක් අත්කර දුන්නේය. කොළඹ ආනන්ද විදුහලට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කිරීමට කළුතර සිරිකුරුස විදුහල සමත් වූ අතර කොළඹ රාජකීය විදුහලට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.
එම තරග වලදී එම්. එම්. පෙරේරා (35 වැනි මිනිත්තුවේදී) සහ කේ. එන්. අසේල (66 වැනි මිනිත්තුවේදී) සිරිකුරුස විදුහල වෙනුවෙන්ද, එස්. ධනංජය (7 වැනි මිනිත්තුවේදී) සහ මොහොමඞ් ශබීර් (34 වැනි මිනිත්තුවේදී) ශාන්ත පීතර විදුහල වෙනුවෙන්ද ගෝල ලබාගත්හ.
අද පැවැති අවසන් තරගයේදී ගෝල 2-1 ලෙස මීගමුව අල් හිලාල් විදුහල පරාජය කිරීමට කොළඹ ලූමිබිණි විදුහල සමත් වූ අතර එස්. එම්. මවුලානා 11 වැනි මිනිත්තුවේදීද, ඉමේෂ් දිල්ෂාන් 14 වැනි මිනිත්තුවේදීද ලූමිබිණි විදුහල වෙනුවෙන් ගෝල ලබාගත්හ. අල් හිලාල් විදුහල වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට එල්. එම්. වලීඞ් (58 වැනි මිනිත්තුවේදී) සමත් විය.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (11 වැනිදා) සහ අනිද්දා (12 වැනිදා) කොළඹ සිටි ලීග කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් පූර්ව වටයේ තරග තරග 15 වැනිදාද, අවසන් මහ තරගය 22 වැනිදාද කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
තෙවැනි දිනයේදී පැවැති තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.