Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මඟපෙන්වීම යටතේ මැන්චෙස්ටර් පාපන්දු විද්‍යායතනය සංවිධානය කරන වයස අවුරුදු 12 න් පහළ සම්මේලන කුසලන පාපන්දු තරගාවලිය හෙට (11 වැනිදා) සහ අනිද්දා (12 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේදී පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා දිවා-රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වේ.
දිවයින පුරා ප්‍රධාන පාපන්දු ක්‍රීඩා සමාජ සහ විද්‍යායතන 16 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග 'ඒ', 'බී', 'සී' සහ 'ඩී' ලෙස කාණ්ඩය 4 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්වේ. මූලික වටයේදී එක් එක් කණ්ඩාවල පළමු සහ දෙවැනි ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
එහිදී රිනවුන්, කලම්බු එෆ්.සී., බාසිලෝනා සහ මැන්චෙස්ටර් පර්පල් යන කණ්ඩායම් 'ඒ' කාණ්ඩය යටතේද, කලම්බු කිකර්ස්, බී.එෆ්.ඒ.ඒ., කලම්බු යූත් සහ මැන්චෙස්ටර් පින්ක් යන කණ්ඩායම් 'බී' කාණ්ඩය යටතේද තරග වදිනු ඇත.
ජාවා ලේන්, ජුවෙන්ටර්ස්, හෙන්ඩ්‍රි පේද්‍රිස් සහ ද ට්‍රැවලර් යන කණ්ඩායම් 'සී' කාණ්ඩය යටතේද, ක්වාට්ස් බලංගොඩ, තිහාරිය යුනයිටඩ්, චෙස්ටා ස්ටාර් ඊගල් යන ක්‍රීඩා සමාජ 'ඩී' කාණ්ඩය යටතේද මෙම තරගාවලියට එක්ව සිටිති.
තරගාවලියේ ශූරයන් සඳහා ශූරතා කුසලාන සමග සහතිකපත් පිරිනැමෙන අතර අනු ශූරයන් සඳහා අනු ශූරතා කුසලාන සමග සහතිකපත් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. ඊට අමතරව දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම දැල රකින්නා සඳහාද කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.