Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සමගි සන්ධානයට බාධකයක්

සමගි සන්ධානයට බාධකයක්

editorial - 2023 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සැප්තැම්බර 29 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2023-27) සඳහා සමගි සන්ධානය ජස්වර් උමාර් මහතාගේ නායකත්වය යටතේ නාමයෝජනා බාර දුන්නේය. කෙසේ වුවත් අනුරාධපුර ලීගයේ සභාපති දක්‍ෂිත සුමතිපාල මහතා වෙනම පාර්ශයක් ලෙස ඉදිරිපත් වෙමින් නාමයෝජනා බාර දීමෙන් නිලවරණය ඡන්ද විමසුමකට හැරී තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාවේ ධුර 13 ක් සඳහා මෙවර නිලවරණය කැඳවීමේදී දිවයිනේ ලීග 67ක් සඳහා එක් ඡන්දයක් බැගින් හිමිවීම පාපන්දු ආයතනයේ මෙවර සංශෝධිත ව්‍යවස්ථාව අනුව සිදුවන්නකි. එසේම මනාපය ප්‍රකාශ කිරීම රහස් ඡන්දයෙන් සිදු කෙරේ.

ජනවාරි 14 වැනිදා පැවැති පාපන්දු ආයතනයේ අවසන් නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අත ඔසවා (ප්‍රසිද්ධියේ) සිදු කෙරුණි. හිටපු සභාපති රංජිත් රුද්‍රිගු හා හිටපු සභාපති අපේක්‍ෂක වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහත්වරු උප සභාපති ධුර සඳහා මෙවර ඉදිරිපත්ව ඇත්තේ සභාපති ධුරයට නාමයෝජනා බාරදුන් ජස්වර් උමාර් මහතාට සහය දක්වමිනි.

දක්‍ෂිත සුමතිපාල මහතා සභාපති ධුරයට නාමයෝජනා බාරදීමේදී වෙන්නප්පුව ලීගයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා එහි උප සභාපති ධුරයකට ඉදිරිපත්ව සිටියි. ඒ අතර පාපන්දු ආයතන විධායක සභාවේ උප සභාපති ධුරයක් නිල බලයෙන් ශ්‍රී ලංකා පාපන්දු සංගමයට හිමි වුවත් එහි වත්මන් ලේකම් එන්.එස්.බී. දිසානායක මහතා දක්‍ෂිත සුමතිපාල මහතාගේ පාර්ශවයේ විධායක සභික ධුරයකට නාමයෝජනා බාරදී සිටීමකැයි පෙනේ.

නාමයෝජනා බාරදීමෙන් පසුව සභාපති අපේක්‍ෂක ජස්වර් උමාර් මහතා ‘‘ලංකාදීප’’යට පැවසුවේ සිය පාර්ශවයේ නාමයෝජනා තහවුරු කිරීමට ලීග 58ක් ඉදිරිපත්ව සිටින බවයි. නාමයෝජනා සඳහා විරෝධතා බාර ගැනීම එය නිල වශයෙන් ප්‍රකාශ කෙරෙන අගෝස්තු 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා සිදු කෙරේ.

 

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වෙන නිලවරණයට (2023-27) ඉදිරිපත්වූ නාමයෝජනා

සභාපති ධුරයට:- ජස්වර් උමාර් (විනිසුරු) හා දක්‍ෂිත සුමතිපාල (අනුරාධපුරය) යන මහත්වරුන්

උප සභාපති ධුර (4):- ජස්වර් උමාර් පාර්ශවය:- ජ්‍යෙෂ්ඨ උප සභාපති:- රංජිත් රුද්‍රිගු (මීගමුව), උප සභාපති ධුර:- වෛද්‍ය මනිල් ප්‍රනාන්දු (කළුතර), සමන් ඩිල්ෂාන් නාගහවත්ත (ගාල්ල), කේ.එම්.එම්.පී. කරුණාතිලක (නාවික හමුදාව)

දක්‍ෂිත සුමතිපාල පාර්ශවය:- ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහිත ප්‍රනාන්දු (වෙන්නප්පුව), උප සභාපතිවරු:- ටී.අයි. උඩුවර (වත්තල), ජගත් රෝහණ (ජනසතුසේවා), පී.ජී.පී. පීරිස් (දෙහිවල – ගල්කිස්ස).

විධායක සභික ධුර (7):- ජස්වර් උමාර් පාර්ශවය:- අබ්දුල් ගෆාර් (මාවනැල්ල), ජගත් ද සිල්වා (නාවලපිටිය), සායිෆ් යුසුප්  (වෙෙළඳසේවා), එම්.අයි.එම්. අබ්දුල් මනාෆ් (අම්පාර), ඒ. නාගරාජන් (වවුනියාව), ඉන්දික තේනුවර (මාතර), එම්.සී.බී. රිස්වි (කින්නියා), දීපිකා කුමාරි (බියගම - කාන්තා)

දක්‍ෂිත සුමතිපාල පාර්ශවය:- නිහාල් පෙරේරා (වත්තල), ඒ.ජී. සුනිල් (වෙන්නප්පුව), ආර්.ඒ. තරංග (දෙනියාය), ලියෝ ප්‍රනාන්දු (පොල්ගහවෙල), එන්.එස්.බී. දිසානායක (පාසල්), සමීර අක්මීමන (පොල්ගහවෙල) ටී. සුතාගර් (ජනසතුසේවා), හෂිණි ආරියරත්න (දෙනියාය - කාන්තා)


අදහස් (0)

සමගි සන්ධානයට බාධකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.