Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සිටි ලීග් තරගාවලියට කණ්ඩායම් 16 ක්

සිටි ලීග් තරගාවලියට කණ්ඩායම් 16 ක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සිටි පාපන්දු ලීගය මෙහෙයවන අන්තර් සමාජ ‘යුසුෆ්’ කුසලාන පාපන්දු තරගාවලියට කණ්ඩායම් 16ක් තරග වදිති. තරගාවලියේ ශූරයන්ට රුපියල් 40,000ක් සහ අනුශූරයන්ට රුපියල් 25,000ක් පිරිනැමේ. කොළඹ සිටි ලීගයේ දෙවැනි පෙළ කණ්ඩායම් ඒ සඳහා සහභාගි වෙති.

සිටිලීග් ක‍්‍රීඩාංගණ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී සිටි පාපන්දු ලීගයේ නියෝජ්‍ය සභාපති එම්. පේ‍්‍රමදාස මහතා පැවසුවේ තරගමාලාව රාමසාන් උපවාස සමය ආරම්භ වන මෙම 29 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවයි.

ඒ අනුව අවසන් මහ තරගය එදින සිටි ලීග් පිටියේදී පැවැත්වීමට සැළසුම් කර ඇතැයිද ඔහු පැවසීය.

තරගාවලිය ඊයේ (7 වැනිදා) සිටි ලීග් පිටියේදී ආරම්භ වූ අතර එහිදී මාලිගාවත්ත යූත් පිල විසින් වික්ටරි පිල දඬුවම් පහර 5-3 කට පරාජය කරන ලදී.

කොම්පඤ්ඤවීදිය පිල හා නිව් ඉලවන් යංග්ස්ටර්ස් අතර මූලික වටයේ තවත් තරගයක් ලබන (12) බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය. මේ අතර වයිකින්ස් පිල හා ‘රුද්‍රා’ පිල අතර තවත් තරගයක් ඊයේ (7) පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙම සති අන්තය වන විට මූලික වටයේ තවත් තරග ගණනාවක් කොළඹ සිටි ලීග් හා රුද්‍රා යන පිිටිවලදී පැවැත්වේ. මෙම තරගාවලියට සිටි පාපන්දු ලීගයේ උප සභාපතිවරයෙකු වන ‘එක්ස්ෆෝ ලංකා’ ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සයිෆ් යුසුෆ් මහතා ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වයි.

පාපන්දු සම්මේලනය මෙහෙයවන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායම්වල ක‍්‍රීඩකයන්ට මෙම තරගාවලියට සහභාගිවීම තහනම් වේ.

කෙසේ වුවත් ක‍්‍රීඩා සමාජ දැනුවත් කිරීමේ සාකච්ඡුාවේදී සෝන්ඩර්ස් ක‍්‍රීඩා සමාජය ඒ පිළිබඳ විරෝධතා ඉදිරිපත් කළත් තරග සංවිධායකයෝ එම විරෝධතා ඉවත දමමින් පැවසුවේ තවත් ක‍්‍රීඩා සමාජවලට අවස්ථාවක් ලබාදීම සඳහා සූදානම් කළ තරගාවලියට ශූරයන්ගේ තරගාවලියට තරග කරන ක‍්‍රීඩකයන් සහභාගිවීමෙන් ඔවුන්ට අසාධාරණයක් විය හැකි බවය.


තරගාවලියට සහභාගි කණ්ඩායමේ
වික්ටරි, කොළඹ ලීගය, ජාවාලේන්,  කොම්පඤ්ඤවීදිය පිල, මාළිගාවත්ත යූත්, යුනයිටඞ්, ආදි සහිරා, ෆර්ගසන් යූත්, යොනෙක්ස්, රුද්‍රා, ලයිෆ්, සෝන්ඩර්ස්, වයිකින්, නිව් ඉලෙවන්, යංස්ටර්ස්, සොකර් ෆැන් හා කොළඹ බෙරවට්ස්.


අදහස් (0)

සිටි ලීග් තරගාවලියට කණ්ඩායම් 16 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.