Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාවට පැන වූ දඩය ලිහිල් කරයි

ශ්‍රී ලංකාවට පැන වූ දඩය ලිහිල් කරයි

editorial - 2023 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

උස්බෙකිස්ථානයේ දී පැවැති ආසියානු කුසලාන වයස 17න් පහළ පාපන්දු තරගාවලියට සහභාගි නොවීමෙන් ශ්‍රී ලංකාවට පනවා තිබූ ඩොලර් 20,000 ක (රුපියල් 73,00,000ක් පමණ) දඩය ඩොලර් 5000 ක් දක්වා අඩු කිරීමට ආසියානු පාපන්දු සමුළුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් යොමුකර තිබූ අභියාචනයක් සළකා බැලූ එහි විනය කමිටුව දඩය ලිහිල් කරමින් දුන් තීන්දුව අනුව ගෙවිය යුතු ඉතිරි ඩොලර් 15000ක මුදලක් වසර දෙකක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබේ. එහි අදහස වන්නේ ඉදිරි වසර දෙකක් තුළ දී ශ්‍රී ලංකාව ආසියානු පාපන්දු සමුළුව සංවිධානය කරන ජාත්‍යන්තර තරග මාලා සඳහා අයදුම්කර සහභාගි නොවන්නේ නම් දඩයෙන් අත්හිටවූ ඩොලර් 15,000ක මුදල නැවත ශ්‍රී ලංකාවෙන් අයකර ගැනීමට කටයුතු කිරීමයි.

ආසියානු පාපන්දු සමුළුවේ විධායක සභිකයෙකු ලෙස තවදුරටත් කටයුතු කරන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා ඒ සඳහා පෞද්ගලිකවම මැදිහත් වෙමින් මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

උස්බෙකිස්ථානයේ පසුගිය ඔක්තෝබර් 5 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවති ආසියානු කුසලාන වයස 17න් පහළ පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය කඩාකප්පල් වූයේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ උද්ගතව පවතින වත්මන් පරිපාලන ආරවුල් හේතුවෙනි. සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරමින් සිටිය දී එය අත්හැර දැමීමට සිදුවිය.

ලබන සෙනසුරාදා (14) එහි නිලවරණය පැවැත්වීමට නියමිතව තිබෙන අතර මේ වනවිට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ කටයුතු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයේ සිදු කෙරේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවට පැන වූ දඩය ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.