Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාව තවමත් 207 වැනි ස්ථානයේ

ශ්‍රී ලංකාව තවමත් 207 වැනි ස්ථානයේ

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය (2022) නිමාවට පත්වීමෙන් පසුව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය කළ  අලුත්ම ශ්‍රේණිගත කිරීම අනුවත් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 211 කින් 207 වැනි ස්ථානයට වැටී තිබේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර ද ශ්‍රී ලංකාව 207 වැනි ස්ථානයේ සිටි නමුත් එදා මෙදා තුර කිසිදු වෙනසක් සිදුවී නැත.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මේ වසරේ ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවා තිබේ.

ශ්‍රී ලංකාවට ආසියානු කලාපයේ හිමිව ඇත්තේ ද එහි අවසන් (46  වැනි) ස්ථානයයි.

කටාර් ලෝක කුසලාන තරගාවලිය පසුගිය 2022 නොවැම්බර් 20 සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා ඩෝහා නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත් වුණි. එහිදී ලෝක කුසලාන දිනා ගත් ආර්ජන්ටිනාව අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයට පැමිණ තිබේ. ලෝක කුසලාන අවසන් මහ තරගයේදී පරාජය වූ ප්‍රංශය දෙවැනි ස්ථානයේ පසුවේ.

වසර 2022 ජුනි 23 වැනිදා  සිදුකළ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ
පාපන්දු කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි 207 වැනි ස්ථානයේ රැඳී සිටී. ඊට පෙර ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේ රැඳී සිටියේය.

ඊයේ (6 වැනිදා) දක්වා ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානයේ රැඳුණු බ්‍රසීලය මේ වන විට තෙවැනි ස්ථානය දක්වා පහළට ගියේය. ආසියාවේ පළමු ස්ථානය තවදුරටත්  ජපානය රැක ගෙන සිටින්නේ පසුගිය දෙසැම්බර් 22 වැනිදා සිටය. එතෙක් ආසියාවේ ශ්‍රේණිත මුල්තැන ඉරානය සතු විය.

පෙරේදා තමන්ට ශ්‍රේණිගත කිරීම් දෙස බැලීමේ දී ශ්‍රී ලංකාවට වඩාත් සමීපව මුණ ගැසෙන දකුණු ආසියානු රාජ්‍යයන් අතර කලාපයේ ප්‍රබලයා වන ඉන්දියාව 101 දක්වා ලෝක ශ්‍රේණි ගත කිරීම්හි ඉහළට පැමිණ ඇත. ඔවුන් දැන් ආසියානු ශ්‍රේණිත කිරීම්හි 19 වැනි ස්ථානය දක්වාත් ඉහළට  පැමිණ තිබේ.

මාලදිවයින 154 වැනි ස්ථානයද  නේපාලය 174 වැනි ස්ථානය ද ලබා ලෝක ශ්‍රේණිගත කිරීම් හි ඉහළට පැමිණ තිබෙන දකුණු ආසියානු රටවල් දෙකකි. භූතානය එහි 185 වැනි ස්ථානයේද බංග්ලාදේශය 192 වැනි ස්ථානයද පකිස්ථානය 195 වැනි ස්ථානයේද සිටිති.

රාජ්‍යයන් හා ජාතීන් 211ක නියෝජනයක් ඇති ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්නේ ඉතාලි කොලනියක් වන, වර්ග සැතපුම් 61 කට සීමාවන 35,000 නොවැඩි ජනහනයක් වෙසෙන ශාන්ත මරිනා දූපත්  රාජ්‍යයයි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව කාන්තා පාපන්දු ඉසව්වේ ශ්‍රී ලංකාවට හිමි වන්නේ 155 වැනි ස්ථානයයි. පසුගිය මාර්තු 24 වැනිදා කළ කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත  කිරීම් අනුව ඇමරිකාව එහි පළමු වැනි ස්ථානයේ පසුවේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව තවමත් 207 වැනි ස්ථානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.