Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා-මාලදිවයින් තරගය සමවෙයි

ශ්‍රී ලංකා-මාලදිවයින් තරගය සමවෙයි

editorial - 2021 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

දෙවැනි භාගයේ දී ගෝල හතරක්ම වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩක අහමඩ් වසීම් රසීක් කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ දී  අද (9) ආරම්භ වූ අගමැති ‘‘මහින්ද රාජපක්‍ෂ’’ කුසලාන සිවුකොන් පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර තරගය ගෝල 4 – 4 ක් ලෙස අනපේෂිත ආකාරයෙන් සම කිරීමට සමත් විය.

මෙහි විශේෂත්වය තරගයේ පළමූ භාගයේ දී මාලදිවයින ගෝල 3 – 0 ක් රැස්කර එහි ජයග්‍රහණයට යමින් සිටිය දී පරාජය දැක දැකත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි භාගයේ දී ශ්‍රී ලාංකීක නරඹන්නන් අමන්දානන්දයට පත් කරමින් අනපේක්ෂිත ලෙස මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමයි.

තරගයේ වීරයා වූ වසීම් රසීක්ගේ දක්‍ෂතා කොතෙක්ද යත් එහි විනාඩි 90 කාලය නිමාවට පත්වීමෙන් පසුව ප්‍රදානය කළ අතිරේක තෙවැනි විනාඩියේදීත් ගෝලයක් ඩැහැ ගනිමින් අවසන් මොහොතේ දී මාලදිවයිනේ ජයග්‍රහණය වළක්වා ගැනීමයි.

මාලදිවයින් කණ්ඩායම මෙම තරගයට ආරම්භයේ දී කෙතෙක් පහසුවෙන් අවතීර්ණ වූයේද යත් 11 වැනි විනාඩිය පසු කරන විට ගෝල දෙකක්ම ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කර ශ්‍රී ලංකා කණ්ඩායම තැති ගැනීමකට පත් කළේය.

ඒ හේතුවෙන් තරග ආරම්භයේ සිට කනස්සලු ස්වභාවයට පත්ව තරගය නැරඹූ ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන් විනිසුරු කටාර් ජාතික මලිඩ් අල්සම්මාරි තරගය නිමා වූ බවට නලාව පීඹින විට නැගී සිටියේ තරගය ජයගත් ආකාරයෙනි.

මීට අසන්නතම හේතුව වසර 19 කින් ශ්‍රී ලංකාවට මාලදිවයින ජාත්‍යන්තර පාපන්දු තරගයක දී පරාජය කිරීමට නොහැකිවී සිටින අතර ඔවුන්ට එරෙහිව මෙතෙක් ජාත්‍යන්තර තරගයක දී වැඩිම ගෝල ගණන වාර්තා කිරීමට ද ශ්‍රී ලංකාව ඊයේ සමත්ව සිටීමයි.

ඒ අනුව ඊයේ තරගය  කණපිට හැරවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වීරයා වන අහමඩ් වසීම් රසික් 65,68,73, හා  90+3 යන විනාඩිවල දී ගෝල වාර්තා කර සිටියේය.

 තරගයේ 08, 09, 34 හා 58 වැනි විනාඩිවල දී මාලදිවයින ගෝල හතරක්ම  රැස් කළේ ශ්‍රී  ලංකා කණ්ඩායමේ පුහුණු ක්‍රීඩාංගනයක් වන රීඩ් මාවත ක්‍රීඩාංගණ තණතිරුවේ පන්දුව   හොඳින් හසුරවමිනි.

 මෙම තගරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහභාගි විය. විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූයේ  ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාය. මාලදිවයින් ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයට  හා අවට දැඩි රැකවල් යොදා තිබුණි.

මෙම තරගය සම කිරීමෙන් ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ පාරිතෝෂිත දීමනාවක් ලබාදෙන බවට ශ්‍රී ලංකා පාපන්දු  ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

තරගයේ නිමාවෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම් නායක සුජාන් පෙරේරා පැවසුවේ එවැනි විශිෂ්ට තරග නිමාවක් දැකීමට හැකිවීම ගැන තමන් කණ්ඩාය​ෙම් නායකයා ලෙස වඩාත් ආඩම්බරයට පත් වන බවයි.

 ඒ අනුව ඊයේ ආරම්භ වූ අගමැති කුසලාන පාපන්දු තරගාවලියේ අත්හිටවූ බංග්ලාදේශය හා ෂීසෙල්ස් අතර තගරය හෙට (10) පස්වරු 4ට රීඩ් මාවතේ දී පැවැත්වේ.

 මේ අතර වර්ෂාව හේතුවෙන් තරගාවලියේ කාලසටහන සංශෝධනය කර තිබේ. ඒ අනුව මෙහි ඉතිරි තරග මෙම 13, 16 යන දිනවලදීත් අවසන් මහ තරගය යොදා ගත් පරිදි මෙම 19 වැනිදාත් පැවැත්වීමට දැන් තීරණය වී තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකා-මාලදිවයින් තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.