Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (10) පස්වරුවේ නිමාවට පත්වූ ආසියානු කුසලාන (2027) සූදුසුකම් (තෙවැනි) වටයේ තරගයේදී ශ්‍රී ලංකාව විසින් චීන - තායිපේ ගෝල 3 - 1 කින් පරාජය කරමින් අති විශිෂ්ට ජයක් වාර්තා කරන ලදී. එහිදී විනාඩි 10 ක් තුළදී ශ්‍රී ලංකාව වේගවත් ප්‍රහාරයකින් ගෝල තුනක් රැස් කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීම කැපී පෙණුනි.
මෙම ජයග්‍රහණයත් සමග ලකුණු තුනක් ලැබූ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන (2027) නිර්දේශ ලබා ගැනීමේ තෙවැනි වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඩී කාණ්ඩයේ අඩියේ සිට තෙවැනි ස්ථානයට පත්වීමට සමත් විය.එහි පෙරමුණේ පසු වන්නේ පසු ගිය මාර්තු 25 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට (1 - 0) පත් කළ තායිලන්තයයි. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට 166 වැනි ස්ථානයේ පසු වන චීන - තායිපේ ඊයේ පරාජයට පත් කරන විට ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් අනුව පසු වූයේ 200 වැනි වැනි ස්ථානයේයි.
ඒ අතර ඊයේ තරගයේ තවත් කැපී පෙණුනු සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතාට තහනමක් පැනවී තිබීම නිසා ඒවෙනුවට වැඩ බලන පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවීමයි.
ඒ වෙනුවට ඊයේ තරගයේ වැඩ බැලීම සදහා කුවේට් ජාතික නසාර් අල් හුසේන් මහතා කැදවා තිබුණි. ඊයේ තරගයේ පළමු භාගය නිලකුණු තත්වයක් මැද නිමාවී තිබියදී ශ්‍රී ලංකාව ගෝල තුනක්ම වාර්තා කරමින් මෙම ජය වාර්තා කිරීම කැපී පෙණුනි.
ඒ අනුව 49 වැනි, 53 වැනි හා 59 වැනි යන විනාඩි වලදී ගෝල තුනක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව එතැන් සිට තරගයේ පාලනය සියතට ගත්තේය. අද්වාන් රාජමොහාන්, ඩිලෝන් සෙනාන් සිල්වා හා රසීක් අහමඩ් වසීම් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ගෝල වාර්තා කළහ. ඔවුන් සියලු දෙනාම ද්විත්ව පුරවැසිලාභීන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ වෙති. චීන - තායිපේ 70 වැනි විනාඩියේදී සිය ගෝලය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව පිට පිටම ජය ගත් දෙවැනි ජාත්‍යන්තර පාපන්දු තරගය මෙයයි. පසුගිය ජූනි 25 වැනිදා බැංකොක් නුවරදී පැවැති සුහද ජාත්‍යන්තර තරගයෙන් ශ්‍රී ලංකාව බෲනායි පරාජයට පත් කළේ ගෝල 1 - 0 කටය. මෙම වසරේදී ශ්‍රී ලංකාව ජය ගත් තෙවැනි ජාත්‍යන්තර පාපන්දු තරග ජයත් ඊයේ වාර්තා විය.
වසර 2003 සිට ඊයේ වන තෙක් ශ්‍රී ලංකාව හා චීන - තායිපේ අතර ජාත්‍යන්තර පාපන්දු තරග පහක් පවත්වා තිබේ. එහිදී තරග හතරකම ජය වාර්තා කළ ශ්‍රී ලංකාව සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබේ. ආසියානු කුසලාන (2027) නිර්දේශ තරග වටය යටතේ මෙම දෙරට යළිත් වසර 2026 මාර්තු 31 වැනිදා කහෝසියුන්ග් නුවරදී මුණ ගැසීමට නියමිතය.එම තරග වටයේ ශ්‍රී ලංකාව ආසන්නයේම සහභාගි වන මීළග තරගය යෙදී තිබෙන්නේ ලබන ඔක්තෝබර් 9 වැනිදාය. තුර්ක්මෙනිස්ථානයට එරෙහිව එම තරගයත් කොළඹදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.