Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා එති

ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා එති

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ගෝව නගරයේ පැවති ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලේ පාපන්දු තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා වයස 21 න් පහළ පාපන්දු කණ්ඩායම අද (31 වැනිදා) අලූයම 4.30 ට කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියේය.

මෙම කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මැකාවෝ රාජ්‍යය ගෝල 1-0 ක් ලෙස පරාජය කරමින් සහ සාවෝ ටෝමේ රාජ්‍යය සමග ගෝල 1-1 ක් ලෙස සමවීමෙන් තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසියේය.

අවසන් පූර්ව තරගය ගෝල් 1-0 ක් ලෙස මොසැම්බික් රාජ්‍යය හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව තෙවැනි ස්ථානය දිනාගැනීම සඳහා ශ්‍රී ලංකා පිල නැවතත් මැකාවෝ රාජ්‍යය සමග තරග වැදිණ. එම තරගයෙන් ගෝල 3-0 ක පහසු ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූහ.

කී‍්‍රඩා උළෙලේ පාපන්දු රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව සමත්වූ අතර මොසැම්බික් රාජ්‍යය එහි රිදී පදක්කමට හිමිකම් කීවේය.

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති රංජිත් රුද්‍රිගූ මහතා ඇතුලූ නිලධාරීන් පිරිසක් ශී‍්‍ර ලංකා 21 න් පහළ පාපන්දු කණ්ඩායම පිළිගැනීමට සඳහා ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

036


අදහස් (0)

ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.