Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රුසියානුවන් ජගත් පාපන්දු පිටියෙන් පිටමං කරති
යුක්රේන යුද අර්බුදය

රුසියානුවන් ජගත් පාපන්දු පිටියෙන් පිටමං කරති

editorial - 2022 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුක්රේනයට එරෙහිව යුද වැදීම හේතුවෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සහ යුරෝපා පාපන්දු සංගමය විසින් රුසියානු පාපන්දු ක්‍රීඩාව අන්තර්ජාතික පිටියෙන් නෙරපනු ලැබ තිබේ. ඒ අනුව රුසියාව නියෝජනය කරන ජාතික පාපන්දු කණ්ඩායමකට, ක්‍රීඩා සමාජ කණ්ඩායමකට හෝ වෙනයම් කණ්ඩායමකට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හෝ යුරෝපා පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන කිසිම තරගාවලියකට සහභාගි වීම තහනම් කර තිබේ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලන කාර්යාංශය සහ යුරෝපා පාපන්දු සංගමයේ මධ්‍යම කමිටුව විසින් මෙම තහනම අනුමත කරනු ලැබ තිබේ. මෙම කාර්යංශය සහ මධ්‍යම කමිටුව, අන්තර්ජාතික සහ යුරෝපා පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් හදිසි තීරණ ගැනීම සඳහා පවතින ඉහළම බලමණ්ඩල දෙකයි. අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සහ යුරෝපා පාපන්දු සංගමය විසින් නැවත දැනුම්දෙනු ලබන තුරු මෙම තහනම ක්‍රියාත්මක වනු ඇත.

“මේ කලාපයේ පාපන්දු ක්‍රීඩාව එකමුතුකමේ සංඛේතයයි”

“අසරණ තත්ත්වයට පත්ව සිටින යුක්රේන ජනතාව සමග අපි පූර්ණ සහයෝගීතාවෙන් යුතුව කටයුතු කරනවා. යුක්රේනයේ පවතින තත්ත්වය ඉතාමත් ඉක්මනින් යහපත් තත්ත්වයට පත්වේවි යයි අපගේ (අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සහ යුරෝපා පාපන්දු සංගමයේ) සභාපතිවරුන් දෙදෙනාම බලාපොරොත්තු වෙනවා. එවිට පාපන්දු ක්‍රීඩාව නැවත වරක් සාමයේ සහ එකමුතුකමේ සංඛේතය වේවි” යයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිල වෙබ් අඩවියේ සටහන් වේ.

මෙම තත්ත්වය අනුව ඉතාම ආසන්න සහ බරපතළම සිදුවීම් විය හැක්කේ මේ වසර අවසානයේ කටාරයේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් සහ 2020 වසරට නියමිත යුරෝපා කුසලාන කාන්තා පාපන්දු තරගාවලියෙන් රුසියාව ඉවත් කිරීමයි.

යුරෝපා කුසලාන කාන්තා පාපන්දු තරගාවලිය ජූලි මස 6 වැනිදා සිට 31 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වෙයි. මෙම තරගාවලිය සඳහා රුසියානු කාන්තා පාපන්දු කණ්ඩායම දැනටමත් සියලු සුදුසුකම් සපුරා තිබේ.

මේ අතර රුසියානු සහ බයිලෝරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම අන්තර්ජාතික ක්‍රීඩා තරග වලින් ඉවත්කළ යුතු යයි ද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව එක් එක් ක්‍රීඩාවේ අන්තර්ජාතික පාලක මණ්ඩල වලින් ඉල්ලා සිටී.

ලබන නොවැම්බර් මාසයේදී කටාරයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක් මේ මස 24 වැනිදා රුසියාව සහ පෝලන්තය අතර පැවැත්වීමට නියමිතය. එහෙත් ඊට පෙර යුද්ධය නිමා නොවුණහොත් රුසියාවට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

රුසියාව සමගින් ක්‍රීඩා කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව පෝලන්ත පාපන්දු සංගමය කියයි. මෙම සුදුසුකම් තේරීමේ තරගාවලියට ඇතුළත්ව සිටින චෙක් ජනරජය සහ ස්වීඩනයද රුසියාව සමගින් ක්‍රීඩා කිරීම අත්හැර දමා තිබේ.

- 213


අදහස් (0)

රුසියානුවන් ජගත් පාපන්දු පිටියෙන් පිටමං කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.