Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රටවල් 15 ක් ස්ථාන වෙන්කර ගනිති
කටාර් - 2022

රටවල් 15 ක් ස්ථාන වෙන්කර ගනිති

editorial - 2022 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ (2022) නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 18 වැනිදා දක්වා රටවල් 32 ක සහභාගීත්වයෙන් කටාරයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සත්කාරක කටාරය සමගින් රටවල් 15 ක් දැනටමත් සුදුසුකම් ලබා සිටිති.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලි සඳහා කළාප 6 ක් යටතේ සුදුසුකම් ලැබීමේ තරගාවලි පැවැත්වෙන අතර මේ වන විට ඇතැම් සුදුසුකම් ලැබීමේ තරගාවලීන්හි මූලික අදියර කිහිපයක් නිමාවට පත්ව තිබේ.

ඒ අනුව යූරෝපීය කලාපයෙන් කණ්ඩායම් 10 ක්ද, දකුණු ඇමරිකානු කලාපයෙන් රටවල් 2 ක්ද, ආසියානු කලාපයෙන් රටවල් 2 ක්ද සත්කාර කටාරය සමගින් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්ථාන වෙන්කරගෙන සිටිති.

සර්බියාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ක්‍රොයේෂියාව, එංගලන්තය සහ ජර්මනිය මේ වන විට යූරෝපීය කලාපයෙන් සුදුසුකම් ලබා සිටින අතර එම කලාපයේ තවත් කණ්ඩායම් 3 කට ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා අවස්ථාව තිබේ.

පෘතුගාලය, ස්වීඩනය, ඉතාලිය, යුක්රේනය, වේල්සය, ස්කොට්ලන්තය, තුර්කිය, රුසියාව, පෝලන්තය සහ උතුර මෙසඩෝනියාව යන රටවල් යූරෝපීය කලාපයෙන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන සෙසු රටවල් 3 අතරට ඇතුළත්වීම සඳහා මාර්තු මාසයේදී තරග වැදීමට නියමිතය.  

දකුණු ඇමරිකානු කලාපයෙන් බ්‍රසීලය සහ ආර්ජන්ටිනාවද, ආසියානු කලාපයෙන් ඉරානය සහ දකුණු කොරියාවද දැනටමත් සුදුසුකම් ලබා සිටින අතර එම කළාප දෙකන් තවත් කණ්ඩායම් 2 කට හෝ 3 කට බැගින් ලෝක කුසලාන තරගාවලියට පිවිසීම සඳහා සංවිධායකයෝ ඉඩකඩ වෙන්කර දී ඇත.

ඉක්වදෝරය, උරුගුවේ සහ පේරු රාජ්‍යය දකුණු ඇමරිකානු කලාපයෙන්ද, සවුදි අරාබිය, ජපානය, ඕස්ටේ්‍රලියාව ආසියානු කලාපයෙන්ද ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා මේ වන විට තියුණු සටනක නිරත වී සිටිති.

අප්‍රිකානු කලාපයේ, ශාන්තිකර කලාපයේ මෙන්ම ‘උතරු, මධ්‍යම ඇමරිකානු සහ කැරිබියන්’ කලාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලින් තවමත් නිමාවට පත්වී නොමැති අතර එම කලාප වලින් තවත් කණ්ඩායම් 9 ක් ලෝක කුසාලන තරගාවලිය සඳහා තෝරා ගැනීමට නියමිතය.

සුදුසුකම් ලැබීමේ තරගාවලි සියල්ල මාර්තු මාසයේදී නිමාවට පත්වීමට නියමිතය. ඉන් අනතුරුව කලාප 4 ක රටවල් 4 ක් අතර පැවැත්වෙන අන්තර් කළාප පිළිමළු පිටුදැකීමේ වටයකදී ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන අවසන් කණ්ඩායම් දෙක තෝරාගනු ඇත.

ආසියානු කලාපයේ පස්වැනි ස්ථානයට පත්වන කණ්ඩායම සහ ‘උතරු, මධ්‍යම ඇමරිකානු සහ කැරිබියන්’ කලාපයේ සිවුවැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතර එහි පළමු තරගය පැවැත්වේ. දෙවැනි තරගය පැවැත්වෙන්නේ දකුණු ඇමරිකානු කලාපයේ පස්වැනි ස්ථනයට පත්වන කණ්ඩායම සහ ශාන්තිකර කලාපයේ ශූරයන් බවට පත්වන කණ්ඩායම අතරය.

-036

 


අදහස් (0)

රටවල් 15 ක් ස්ථාන වෙන්කර ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.