Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ගෝව නගරයේ දැන් පැවැත්වෙන තෙවැනි ”ලූසෆෝනියා” ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් පූර්ව වටයේදී මොසැම්බික් කණ්ඩායමට පරාජයවීම නිසා අවසන් මහ තරගයේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදු විය. මෙම තරගය ඊයේ (25 වැනිදා) පැවැත්විණ.
අවසන් පූර්ව තරගයේ අතිරේක කාලයේ පිරිනැමුණු විනාඩි 15 තුළදී ගෝලයක් වාර්තා කරමින් මොසැම්බික් රාජ්‍යය එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිලම ගෝල ලබා නොසිටියහ.
ශ්‍රී ලංකාව මූලික වටයේදී මැකාවෝ රාජ්‍යය ගෝල 1-0 කින් පරාජය කළ අතර ”සාවෝටොමේ” රාජ්‍යය සමග පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළේය.
ශ්‍රී ලංකාව ලූසෆෝනියා තරගාවලියට වයස 21න් පහළ කණ්ඩායමක් සහභාගි කළේය. ඒ සඳහා කණ්ඩායම සූදානම් කළේ තරගාවලියට දින 10ක් පමණක් ඉතිරිව තිබියදී බවත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූයේද අතිරේක කාලයේදී බැවින් තරගාවලියේ ලද ප‍්‍රතිඵලය ගැන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සෑහීමකට පත්වන බවත් එහි සභාපති රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.