Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප‍්‍රංශ කුසලාන පාපන්දු තරගාවලියේ හෙට (3 වැනිදා) රාත‍්‍රියේ පැවැත්වීමට නියමිත තරගයට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරික්‍ෂණයකින් පසුව ලයනල් මෙසී ඇතුළු පැරිස්හි ශාන්ත ජර්මේන් සංචිතයේ ක‍්‍රීඩකයින් 4 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබේ.
එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව ශාන්ත ජර්මේන් කණ්ඩායම ඊයේ (1 වැනිදා) රාත‍්‍රියේ නිවේදනයක් නිකුත් කළේය.
පරීක්‍ෂණ ප‍්‍රතිඵල පැමිණි විගසම ඔවුන් කිසිවකුගේ නම් නොකළ නමුත් කණ්ඩායමේ වෛද්‍ය අංශය විසින් මෙසී, ලෙෆ්ට් බැක් කී‍්‍රඩක ජුවාන් බර්නාට්, අතිරේක ගෝල රකින්නා වන සර්ජියෝ රිකෝ සහ 19 හැවිරිදි මැදපෙළ ක‍්‍රීඩක නේතන් බිතුමසාලාට වයිරසය ආසාදනයවී ඇති බව අද (2 වැනිදා) තහවුරු කළේය.
පැරිස් ශාන්ත ජර්මේන් කණ්ඩායම 3 වැනි කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි.
පසුගිය වසරේ අනුශූරතාව දිනාගත් මොනාකෝ කණ්ඩායමට අද රාත‍්‍රියේ ක‍්‍රීඩා කිරීමට නියමිතව තිබුණද ඔවුන්ගෙන් 7 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනවී තිබේ. එබැවින් ඔවුන්ටද හුදෙකලා විමට සිදුවී ඇත.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.