ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී නේවි සී හෝක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව බැද්දගාන ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-1 කින් ජය ගැනීමට මාතර සිටි ක්‍රීඩා සමාජය සමත් විය.
මාතර සිටි ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඒ.ඩී. ප්‍රභාත් 87 වැනි මිනිත්තුවේදීද, ඩී.බී. වීරප්පුලි 92 වැනි මිනිත්තුවේදීද (අතිරේක කාලයේදී) ගෝල ලබාගත් අතර නේවි සී හෝක්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට ඒ.ඒ.එන්. රොෂාන් සමත් වූයේ 21 වැනි මිනිත්තුවේදීය.
මෙම තරගයේදී මාතර සිටි ක්‍රීඩා සමාජයේ ඩී.බී. වීරප්පුලි සහ බී.එස්.පී. මෙන්ඩිස් කහ කාඞ්පත් ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.