
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පාපන්දු (පිරිමි) අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බ්‍රසීලය සහ ස්පාඤ්ඤය අද (3 වැනිදා) සමත් වූහ. රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් දෙරට අතර අවසන් මහ තරගය මේ මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය.
අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී දඬුවම් පහර 4-1 ක් ලෙස මෙක්සිකෝව පරාජය කරමින් බ්‍රසීලය අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර ස්පාඤ්ඤය ඊට සුදුසුකම් ලැබූවේ දෙවැනි අවසන් පූර්ව තරගයේ අතිරේක කාලයේදී ගෝල 1-0 ලෙස ජපානය පරාජය කරමිනි.
අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ මෙක්සිකෝව සහ ජපානය එම ඉසව්වේ ලෝකඩ පදක්කම් වෙනුවෙන් තරගය වදින අතර එම තරගය 6 වැනිදා පැවැත්වෙනු ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේදී ගෝල 6-3 කින් දකුණු කොරියාව පරාජය කරමින් මෙක්සිකෝවද, ගෝල 1-0 කින් ඊජිප්තුව පරාජය කරමින් බ්‍රසීලයද අවසන් පූර්ව වටයට පිවිසියහ.
ගෝල 5-2 කින් අයිවරිකොස්ට් රාජ්‍යය පරාජය කරමින් ස්පාඤ්ඤයද අවසන් පූර්ව වටයට පිවිසි අතර ජපානය අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී දඬුවම් පහර 4-2 ක් ලෙස නවසීලන්තය පරාජය කරමිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.