Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බ්ලැටර්ට කේක් කවන්න වියදම රුපියල් 165,000 යි

බ්ලැටර්ට කේක් කවන්න වියදම රුපියල් 165,000 යි

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය වසර ගණනාවක සිදුවී ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳව විමර්ශනය කළ කුසලා සරෝජිනී වීරවර්ධන කමිටු වාර්තාවෙන් මතුකර තිබෙන කේක් වියදමක් සම්බන්ධයෙන් මේ වනවිට පාපන්දු කේෂ්ත්‍රයේ අවධානය යොමුවී තිබේ.

කමිටු වාර්තාවේ දැක්වෙන බව ප්‍රකාශවන පරිදි, කේක් කැබැල්ලක් සඳහා රුපියල් 4000 ක් තරම් වියදමක් පෙන්වා ඇත.

මෙම සිදුවීමට පාදකවී ඇත්තේ  වසර 2014 දී එවකට  අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය  දැරූ සෙප් බ්ලැටර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙනි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (දැන් පාපන්දු ආයතනය) 75 වැනි සංවත්සරය නිමිත්තෙන් බ්ලැටර් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති නිල උත්සවයට ආරාධිතයන් 400 දෙනකු සහභාගී වී තිබේ.

ඊට සහභාගි වූ සම්භාවනීය ආරාධිතයන් අතර ආසියානු පාපන්දු  සමුළුවේ එවකට සභාපති ධුරය දැරූ සෙයින් සල්මන් බින් අල් කලීෆා මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ සේවය කරන තානාපතිවරුන් රැසක්ද සිට ඇත.

කුසලා සරෝජනී කමිටු වාර්තාවෙන් තමන්ගේ පාලන කාලය තුළදී ප්‍රශ්න කර ඇති මෙම සිදුවීම ඇතුළු පැන නැගෙන කාරණා සම්බන්ධයෙන් ඉදිරියේදී නීති මගින් කටයුතු  කරන බව වසර 2013-15 සමයේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරය දැරූ රංජිත් රුද්‍රිගු මහතා පවසයි.

ඔහු ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා පාපන්දු  ආයතනයේ නිල උත්සවයේදී බ්ලැටර් මහතා අතින් කැපූ කේක් ගෙඩිය සඳහා වැය වූයේ රුපියල් 165,000ක් පමණක් බවයි. එම ගෙවීම් වලට අදාළ සියලු බිල්පත් හා චෙක්පත් අදටත් පරීක්ෂා කර බැලිය හැකි බව ඔහු පවසයි.

තමන්ගේ පාලන කාලයේ පාපන්දු ආයතනයේ වියදම් හා ආදායම් වාර්තා නිරීක්ෂණය කිරීමෙන් කමිටු වාර්තාවේ සාවද්‍යතැන් පැහැදිලි කර ගත හැකි බව ද ඔහු පවසයි.

වසර 2014 දී පාපන්දු ආයතනයේ සම්පූර්ණ වියදම රුපියල් මිලියන 151 ක් (151,782,462.00) ගන්නා  අතර ජාතික පාපන්දු සංචිත ඇතුළු අනෙකුත් දේශීය පාපන්දු  ප්‍රවර්ධන කටයුතු සඳහා එම වියදම් දරා තිබේ. ඒ අනුව පාපන්දු  ආයතනයට තමන්ගේ කාලයේදී ලැබුණු ආදායමෙන් ක්‍රීඩාවට වියදම් කර ඇත්තේ 2% පමණක් යැයි ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියි.


අදහස් (0)

බ්ලැටර්ට කේක් කවන්න වියදම රුපියල් 165,000 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.