Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ප‍්‍රවීණයන්ගේ පාපන්දු තරග අයැදුම්පත් පෙබ. 05 දක්වා

ප‍්‍රවීණයන්ගේ පාපන්දු තරග අයැදුම්පත් පෙබ. 05 දක්වා

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස අවුරුදු 40 ට වැඩි ප‍්‍රවීණයන් සඳහා පැවැත්වෙන එක්සලන්ට් අභියෝග ශූරතා පාපන්දු තරගාවලිය පෙබරවාරි මස 23 වැනිදා පෙරවරු 8.00 සිට පැලවත්ත ජී. එච්. බුද්ධදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

බත්තරමුල්ල කී‍්‍රඩා සමාජය සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා දිවයිනේ  ඕනෑම කී‍්‍රඩා සමාජයකට සහභාගීවිය හැකිය.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඩබ්. ලයනල් අල්විස් අනුස්මරණ කුසලාන සමගින් මුදලින් රුපියල් 50,000 ක් පිරිනැමෙන අතර අනුශූරතාවට හිමිකම් කියන කණ්ඩායමට අචල දිවාකර කුසලාන සමගින් මුදලින් රුපියල් 25,000 ක් පිරිනැමීමට නියමිතය.

තෙවැනි ස්ථානය සඳහා අමර්ඞීන් අනුස්මරණ කුසලාන සමගින් රුපියල් 15,000 ක මුදලක් සහ සිව්වැනි ස්ථානය සඳහා රුපියල් 10,000 ක මුදලක් පිරිනැමීමටද සංවිධායක  මණ්ඩලය සූදානමින් සිටියි.

අයදුම්පත් භාරගැනීම 2014.02.05 වැනිදායින් අවසන් වන අතර තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය කී‍්‍රඩා සමාජ වලට 0727-687301 (ශාන්ත), 0774-532467 (අජන්ත), 0771-898044 (ජනිත්), 077-2-295559 (නෞෂාඞ්) යන දුරකථන අංක ඇමතීමෙන් අයැදුම්පත් ලබාගත හැක.

036


අදහස් (0)

ප‍්‍රවීණයන්ගේ පාපන්දු තරග අයැදුම්පත් පෙබ. 05 දක්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.