Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දුවට කලමනාකරණ කමිටුවක්

පාපන්දුවට කලමනාකරණ කමිටුවක්

editorial - 2022 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අභියාචනාධිකරණයේ දී ඊයේ (4) ඇති කර ගත් එකඟතාව පරිදි ශ්‍රී ලංකා පාපන්දු ආයතනනයේ නිලවරණය කැඳවෙන තුරු දේශීය පාපන්දු පරිපාලන කටයුතු බාධවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කළමනාකරණ කමිටුවක් පත්කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වය එකඟතාවකට පැමිණ තිබේ.

එම එකඟතාව ඇතිවූයේ ජස්වර් උමාර් මහතා විසින් ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු එහි බලධාරීන්ට එරෙහිව පැවරූ නඩුව ඊයේ අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේ දීය. ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ කැඳවීම සඳහා ලබන ඔක්තෝබර් 31 වැනිදා දාක්වා ලබා දී තිබූ සහන කාලය අවලංගු කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා ගත් තීරණ​ෙයන් පාපන්දු ආයතනයේ කැඳවීමට නියමිතව තිබූ නිලවරණයට බලපෑමක් සිදුවූ බවට කරුණු ගොනු කරමින් මෙම නඩුව පවරා තිබේ.

ඒ අනුව අභියාචනාධිකරණය ඊයේ ලබාදුන් උපදෙස් පරිදි ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා යෝජනා කීපයක් ක්‍රියාවට නැගීමට දෙපාර්ශවය එකඟතාවකට පැමිණ තිබේ.

පාපන්දු පරිපාලනය නැවත ස්ථාපිත කෙරෙන තුරු විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කිරීම, එහි සාමාජික සංයුතියට ජස්වර් උමාර් හා පාපන්දු ආයතනයේ භාණ්ඩාගාරික ධුරය දැරූ ඒ.එෆ්. සෙලර් යන මහත්වරුන් ඇතුළත් කිරීම, කමිටුවේ සාමාජික මණ්ඩලයට  ගණකාධිකාරිවරයෙකු ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් තිදෙනකු ඇතුළත් කිරීම, පත් කෙරෙන කළමනාකරණ කමිටුවට මුල්‍යමය කටයුතු ඇතුළුව පාපන්දු ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වා ගෙන යාමේ අවස්ථාව සලසා දීම, පාපන්දු නව ව්‍යවස්ථාව ඉදිරි සතියක් ඇතුළත දී ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමත කර ලියාපදිංචි කිරීම, නිලවරණය සඳහා දින නියම කර ගැනීම යන කරුණු ක්‍රියාත්මක කිරීමේදී රජයේ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙසත් එහිදී අභියාචනාධිකරණය දෙපාර්ශ්වයට ඊයේ උපදෙස් ලබාදී තිබේ.


අදහස් (0)

පාපන්දුවට කලමනාකරණ කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.