Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු විමර්ශන වාර්තාව හෙට ඇමතිට

පාපන්දු විමර්ශන වාර්තාව හෙට ඇමතිට

editorial - 2023 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්‍ථාව සැකසීම 2012 වසරේ සිටම ප්‍රමාද කිරීම, මුදල් පරිපාලනය, නාමිකව ඇති ක්‍රීඩා සමාජ, සේවක බඳවාගැනීම් ආදිය පිළිබදව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව හෙට (04 වැනිදා) ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දීමට කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනය හා මූල්‍ය ගැටළු පිළිබඳව සොයා බැලීමට, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලදි.

මෙම වාර්තාව හෙට පස්වරු 5.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා වෙත බාරදීමට නියමිතය.

- 213


අදහස් (0)

පාපන්දු විමර්ශන වාර්තාව හෙට ඇමතිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.