Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු ලෝකයේ 3 වැනි තැන ක්‍රොඒෂියාවට
කටාර් - 2022

පාපන්දු ලෝකයේ 3 වැනි තැන ක්‍රොඒෂියාවට

editorial - 2022 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරොක්කෝවේ විරෝධය පළමු භාගයේදීම මෙල්ල කළ ක්‍රොඒෂියාව සෙනසුරාදා (17) කටාරයේ දී නිමාවට පත්වූ 22 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීය. ඇමරිකානු ඩොලර් මිලියන 27ක සුපිරි තෑග්ගක් ඒ වෙනුවෙන් ලබා ගත් ක්‍රොඒෂියාව විසින් අල් රසාන්හි කලීෆා ක්‍රීඩාංගනයට රැස්වූ 44,127ක් ඉදිරියේ මොරොක්කෝව ගෝල 2-1 කට පරාජය කළේය. 

ජොස්කෝ ගැවඩියෝල් හත් වැනි විනාඩියේදිම ගෝලයක් රැස් කරමින් ක්‍රොඒෂියාවට බලාපොරොත්තු රැගෙන දුන්නේය. එහෙත් එය විනාඩි දෙකකට පමණක් සීමා වුණු අතර අම්රාෆ් ධාරි වහාම ක්‍රියාත්මක වෙමින් නව වැනි විනාඩියේ දී මොරොක්කෝවට ගෝලයක් ලබා දුන්නේය. එහෙත් පළමු භාගය නිමාවට ළඟාවෙමින් සිටිය දී 42 වැනි විනාඩියේ දී මිස්ලාව් ඔර්සික් රැස් කළ ගෝලය පසුගිය  (2018 මොස්කව්) තරගාවලියේ අනුශූරයන් වූ ක්‍රොඒෂියාවට මෙවර තෙවැනි ස්ථානයත් සෑහීමට පත්වීමට ප්‍රමාණවත් විය. 

මෙම තරගයේ දී දෙපිලෙන්ම නීති විරෝධි ක්‍රියා 24ක් වාර්තා වුණත් මොරොක්කෝ ක්‍රීඩකයන් දෙදෙනකු  විනිසුරු වෙතින් දැඩි අවවාද (කහ කාඩ්පත්) ලැබීමට පමණක් එය සීමා විය. 

දෙපිලේ මෙම ගෝල ලාභින් තිදෙනාම තරගාවලියෙන් ඔවුන් ඉවත්ව ගිය අවසන් තරගයේ දී වාර්තා කිරීම කැපී පෙනුණි. ක්‍රොඒෂියාව ලෝක කුසලාන තරගාවලියේ දී මීට පෙර (1998 - ප්‍රංශය) තෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබේ. 

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම නැගී එන කණ්ඩායම ලෙස විචාරකයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ මොරොක්කොව තරගාවලිය පුරා මුහුණ දුන් තරග හතක දී පහක්ම ජය ගැනීමට සමත් විය. මෙම පෙරළිකාරයන්ගේ ප්‍රහාර මාලාව කෙතරම් තියුණු වූයේද යත් අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුන් වෙතින් ලෝපතල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියාගෝ රොනාල්ඩෝ නායකත්වයෙන් යුත් පෘතුගාලය පරාජයට පත් වූ අතර ඔවුන්ගේ නිත්‍ය පුහුණුකරු ෆරනැන්ඩෝ සැන්ටෝස් මහතා අනතුරුව ධුරයෙන් ඉල්ලා අස්වෙමින් පැවසුවේ තමන් මෙතැන් සිට පාපන්දු පුහුණු උපදේශක වෘත්තියෙන් ඉවත්වන බවයි. 

මෙතරම් දුරක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පැමිණි පළමු අරාබි සම්භවයකින් යුත් අප්‍රිකානු රට බවට පත්වීමට ද එහිදී ඊයේ සිව් වැනි ස්ථානය වාර්තා කරමින් ඩොලර් මිලියන 25ක් හිමිකර ගත් මොරොක්කෝවට හැකිවිය.

-223


අදහස් (0)

පාපන්දු ලෝකයේ 3 වැනි තැන ක්‍රොඒෂියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.