Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම පැවැත්වීමට කිසිදු බාධාවක් නැතැයි අනත්ර්ජාතික පාපන්දු සම්මේලනය ඊයේ (17) තමන්ට දැනුම් දුන් බව පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා ස්විට්සර්ලන්තයේ සිට ”ලංකාදීප”ය අමතමින් පැවසීය.
මෙම 29 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම නීති විරෝධී යයි පවසමින් එහි විධායක සභිකයන් හය දෙනකු අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට කර තිබෙන ලිඛිත පැමිණිල්ල පිළිබඳ අදහස් දක්වමින් රුද්රිගූ මහතා එසේ පැවසීය.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සංවර්ධන සැලසුම් කමිටුවේ රැස්වීමකට සහභාගි වීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම සම්මේලන මූලස්ථානයට ගොස් සිටින රුද්‍රිගු මහතා ඊයේ එහි සභාපති ජෝශප් බ්ලැටර් මහතා ද මුණගැසුණු බව වාර්තා වේ.
වැඩිදුරටත් ලංකාදීපයට අදහස් දැක්වූ ඒ මහතා යොදාගත් පරිදි මෙම 22 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම පැවැත්වීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ අනුමැතිය ලැබුණු බවද පැවසීය.
ශ්‍රී ලංකාවේ පාපන්දු විධායක සභිකයන් හය දෙනකු අන්තර්ජාතික සම්මේලනයට එවපු බව කියා සිය විරෝධතාවය ගැන අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මට කිව්වේ ඒ ගැන ඔවුන් දැනුවත් වෙලා ඉන්න බවත් ඒ නිසා යොදාගත් විදියට මහ සභා රැස්වීම පවත්වන්න කියලයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.