Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු මහ සභා රැස්වීම 24 දා

පාපන්දු මහ සභා රැස්වීම 24 දා

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම මෙම 24 වැනිදා පෙරවරු 10.00 ට රීඞ් මාවත පාපන්දු නිවසේදී පැවැත්වේ.

පාපන්දු සම්මේලනයේ මේ වසරේ මහ සභා රැස්වීම පසුගිය මාර්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් එහි විධායක සභිකයන් දෙදෙනකු විසින් අධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගයක් නිසා එම මහ සභා රැස්වීම අත්හිටුවීමට සිදුවිය.

එම වාරණය මේ වනවිට ඉවත්කර තිබෙන බැවින් පාපන්දු සම්මේලන මහ සභා රැස්වීම මෙම 24 වැනිදා කැඳවීමට දැන් තීරණය වී තිබේ. කී‍්‍රඩා පනතේ ජාතික කී‍්‍රඩා සංගම් නව රෙගුලාසි අනුව කිසියම් ජාතික කී‍්‍රඩා සංගමයක නිලධාරීන් පත්කර ගන්නා නිලවරණ කැඳවන්නේ වසර දෙකකට වරකි. ඒ අනුව පාපන්දු සම්මේලනයේ නිලවරණය යළි පැවැත්වෙන්නේ ලබන වසරේ (2015) මාර්තු 31 වැනිදාට පෙරය.


අදහස් (0)

පාපන්දු මහ සභා රැස්වීම 24 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.