Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු නිලවරණයට ජේ. ශ්‍රී. රංගා එයි

පාපන්දු නිලවරණයට ජේ. ශ්‍රී. රංගා එයි

editorial - 2022 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනවාරි (2023) 14 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී (2022-23) සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජේ.ශ්‍රී. රංගා මහතා නාමයෝජනා බාරදීමට නියමිතය.

කළුතර පාපන්දු ලීගයේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතාගේ පාර්ශවයෙන් ඔහු මෙසේ නාමයෝජනා ඉදිරිපත් කර සිටින අතර පාපන්දු ආයතනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා නැවත සභාපති ධුරයට තරග වදින බවද ප්‍රකාශ කර ඇත. ජනවාරි 14 වැනිදා පස්වරු 3.30ට පාපන්දු ආයතනයේ නිලවරණය පැවැත්වෙන්නේ ලීග් 62ක සහභාගීත්වයෙන් රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීය.

මහනුවර, අක්කරපත්තුව හා කුරුණෑගල යන ලීග තුනක් ක්‍රියාකාරීත්වය සම්පූර්ණ නොවීම හේතුවෙන් මෙවර නිලවරණයෙන් ඉවත් කර ඇත. ඔවුන් මේ වනවිට ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.

ජනවාරි 14 වැනිදා පැවැත්වෙන නිලවරණයෙන් (2022-23) පත්වන පාපන්දු ආයතනයේ විධායක සභාවේ නිල කාලය මාස පහකට පමණක් සීමාවේ. පාපන්දු ආයතනයේ නැවත නිලවරණයක් ලබන වසරේ (2023) මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බැවිනි.

වසර 2021 ජුනි 30 වැනිදා අවසන් වරට පැවති නිලවරණයෙන් සභාපති අපේක්ෂක වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා අභිබවමින් ජස්වර් උමාර් මහතා වැඩි ඡන්දයෙන් පාපන්දු ආයතනයේ සභාපති ධුරයට පත්විය.

වසර 2022 ජුනි 30 වැනිදායින් පසුව පාපන්දු ආයතනයේ පැවති විධායක සභාව අවසන් වුවත් එතැන් සිට නිලවරණය පැවැත්වීමට දැරූ උත්සාහයන් ගණනාවක්ම අසාර්ථක විය. මේ වනවිට පාපන්දු ආයතනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බාරයේ ක්‍රියාත්මක වේ.


අදහස් (0)

පාපන්දු නිලවරණයට ජේ. ශ්‍රී. රංගා එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.