Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු ධන කුවේරයන් අතරේ රොනාල්ඩෝ පෙරමුණට

පාපන්දු ධන කුවේරයන් අතරේ රොනාල්ඩෝ පෙරමුණට

editorial - 2021 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකාවේ ෆොබ්ස් සඟරාවට අනුව ලොව ඉහළම ආදායමක් ලබන පාපන්දු ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී ඇත. ඔහු එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇත්තේ ඉකුත් වසරේදී එහි පෙරමුණේ පසුවූ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී දෙවැනි ස්ථානයට ඇද දමමිනි.

රොනාල්ඩෝ වසර 12 කට පසු ඉතාලියේ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වී නැවතත් එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය සමග එක්වීමත්, මෙසී සිය මුල්ම ක්‍රීඩා සමාජය වූ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජයෙන් ඉවත් වී ප්‍රංශයේ ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජය සමග එක්වීමත් සමග ඔවුන්ගේ ආදායම් මට්ටම් වෙනස් විය.

ෆේස්බුක්, ඉස්ටග්‍රෑම් සහ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 500 කට වැඩි රසිකයන් පිරිසක් සිටින රොනාල්ඩෝ, 2021-2022 තරගය වාරය අවසානයේ ආදයම් බදු ගෙවීමට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 125 ක ආදායමකට හිමිකම් කියනු ඇතැයි ෆොබ්ස් සඟරාව සඳහන් කරයි.

ඉන් ඩොලර් මිලියන 70 ක් මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමෙන් ලැබන වැටුප සහ ප්‍රසාද දීමනා ලෙසද සටහන් වේ. ඉතිරිය ඔහුට ලැබෙන්නේ නයික්, හර්බයිලයිෆ්, ක්ලියර් සහ සී.ආර්. 7 යන සන්නාම ඇතුළු වෙළඳ නාමයන් සමග පවතින ගිවිසුම්වල හවුල්කාරිත්වයෙනි.

ඉකුත් වසරේදී ලොව ඉහළම ආදායමක් ලබන පාපන්දු ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි මෙසී, මෙම වසරේ අවසානයේ ඇමරිකානු ඩොලර් මිලියන 110 ක ආදායමක් ලබාගනු ඇතැයි ෆොබ්ස් සඟරාව වාර්තා කරයි. ඉන් ඩොලර් මිලියන 75 ක් ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජයෙන් ලැබෙන වැටුප ලෙසද, ඉතිරි ඩොලර් මිලියන 35 වෙළඳ නාමයන් සමග පවතින ගිවිසුම් ඔස්සේද ඔහුට හිමිවනු ඇත.

ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන බ්‍රසීලයේ නේමාර් (ඇමරිකානු ඩොලර් මිලියන 95) සහ ප්‍රංශයේ කයිලියන් බාපේ (ඇමරිකානු ඩොලර් මිලියන 43) පිළිවෙලින් ඉහළම ආදායමක් ලබන පාපන්දු ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටිති.

ලොව ඉහළම ආදායමක් ලබන පාපන්දු ක්‍රීඩකයෝ

1 ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ - ඇමරිකානු ඩොලර් මිලියන 125

2 ලයනල් මෙසී - ඇමරිකානු ඩොලර් මිලියන 110

3 නේමාර් ද සිල්වා - ඇමරිකානු ඩොලර් මිලියන 95

4 කයිලියන් බාපේ - ඇමරිකානු ඩොලර් මිලියන 43

5 මොහොමඩ් සාලා - ඇමරිකානු ඩොලර් මිලියන 41

6 රොබට් ලෙවන්දොස්කි - ඇමරිකානු ඩොලර් මිලියන 35

7 ඇන්ඩ්‍රස් ඉනියෙස්ටා - ඇමරිකානු ඩොලර් මිලියන 35

8 පෝල් පෝග්බා - ඇමරිකානු ඩොලර් මිලියන 34

9 ගැරීත් බේල් - ඇමරිකානු ඩොලර් මිලියන 32

10 ඒඩ්න් හසාඩ් - ඇමරිකානු ඩොලර් මිලියන 29

 

-036


අදහස් (0)

පාපන්දු ධන කුවේරයන් අතරේ රොනාල්ඩෝ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.