Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු තරගයේ ඉතිරි කොටස හෙට

පාපන්දු තරගයේ ඉතිරි කොටස හෙට

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීගමුව යූත් පිල සහ සෝන්ඩර්ස් පිල අතර බැද්දගාන පාපන්දු කී‍්‍රඩාංගණයේදී පසුගිය ඉරිදා (5 වැනිදා) පැවැති පාපන්දු තරගයේ ඉතිරි කොටස හෙට (8 වැනිදා) කොළඹ සිටි ලීග් පාපන්දු පිටියේදී පැවැත්වේ. මෙම තරගය කාගිල්ස් ෆුඞ් සිටි පාපන්දු තරගාවලියේ තරගයක් වන අතර හෙට පස්වරු 3.30 ට තරගය ආරම්භ වේ.

නරඹන්නන්ගේ ප‍්‍රකෝපකාරී හැසිරීම් හේතුවෙන් කී‍්‍රඩකයන්ගේ සහ පැති විනිසුරුවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ තරග විනිසුරු ඩිලාන් පෙරේරා මහතා විසින් විවේක කාලයේදී තරගය අතර මග නතර කරන ලදි. ඒ වන විට මීගමුව යූත් පිල 2 - 0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

තරගය එදින නතර කළ තැනින් හෙට ආරම්භ වන අතර ඉතිරි තරග කාලය විනාඩි 45 කි.


අදහස් (0)

පාපන්දු තරගයේ ඉතිරි කොටස හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.