Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘හමීඞ් අල් හුසේනියා විදුහල විසින් හත්වැනි වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලිය පෙබරවාරි මස 1 වැනිදා (හෙට) සිට 16 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමය අනුව පැවැත්වෙන අතර මූලික වටයේ තරග වලින් අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 3 සහ 4 දිනවලදී පැවැත්වේ. අවසන් පූර්ව තරග 8 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය 16 වැනිදා පැවැත්වීමට නියමිතය. සියලූම තරග කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ ශූරතාව, අනුශූරතාව සහ තෙවන ස්ථානය දිනාගන්නා කණ්ඩායම් වලට කුසලාන සමගින් පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට නියමිත අතර තරගාවලියේ දක්‍ෂතම දැළ රකින්නාට, වැඩිම ගෝල ප‍්‍රමාණයක් ලබාගන්නා කී‍්‍රඩකයාට, වටිනාම කී‍්‍රඩකයාට සහ ජනප‍්‍රියම කී‍්‍රඩකයාටද කුසලාන පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී.
තරගාවලියට සමගාමීව ප‍්‍රවීණ කී‍්‍රඩකයින්ගේ පාපන්දු තරගාවලියක්ද පැවැත්වීමට සංවිධාන කමිටුව තීරණය කර තිබේ. කොළඹ, ජාවා ලේන්, මාලිගාවත්ත, කොම්පඤ්ඤ වීදිය, ආදි කුරේ, ආදි බෙන්ස්, සුපර් ස්ටාර්ස්, සනි මවුන්ට්, පි‍්‍රන්ස් සහ අලූත්කඬේ යන ප‍්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම් ඊට සහභාගීවීමට නියමිතය.
‘සෝහෝ හවුස්’ සමාගමේ අනුග‍්‍රහයෙන් හමීඞ් අල් හුසේන් විදුහලේ 80 කණ්ඩායම සංවිධානය කරන තරගාවලිය සඳහා පාසල් 18 ක් සහභාගි වෙති.
සොහෝ හවුස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක රහුමාන් ඊබ‍්‍රහීම් මහතා (වමේ) තරගාවලියේ අනුග‍්‍රාහක චෙක්පත, හමීඞ් අල් හුසේන් විදුහලේ 80 වැනි කණ්ඩායමේ සභාපති අබ්දුල් කරීම් මහතාට (මැද) සහ එම විදුහලේ විදුහල්පති එන්. ටී. නසුමුදීන් මහතාට (දකුණේ) පිරිනැමූ අවස්ථාව
ඡයාරූපය - ශානුක අරවින්ද
තරග කාල සටහන | ||
දිනය | වේලාව | තරගය |
පෙබ. 1 | පෙ. ව. 11.30 | කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ හෙන්රි ඕල්කට් මහ විදුහල අතර තරගය |
පෙබ. 1 | ප. ව. 12.30 | කොළඹ ඉසිපතන විදුහල සහ මල්වාන අල් මුබාරක් මැදි විදුහල අතර තරගය |
පෙබ. 1 | ප. ව. 4.00 | ආරම්භක උත්සවය |
පෙබ. 1 | ප. ව. 4.30 | කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර තරගය |
පෙබ. 2 | පෙ. ව. 8.30 | කොළඹ ඞී. එස්. සේනානායක සහ බම්බලපිටිය හින්දු විදුහල අතර තරගය |
පෙබ. 2 | පෙ. ව. 9.30 | කඳාන ද මැසනද් විදුහල සහ කොළඹ ටී. බී. ජයා මහ විදුහල අතර තරගය |
පෙබ. 2 | පෙ. ව. 10.30 | කොළඹ වෙස්ලි විදුහල සහ මීගමුව අල් හිලාල් විදුහල අතර තරගය |
පෙබ. 2 | පෙ. ව. 11.30 | ගම්පොල සහිරා විදුහල සහ මාවනැල්ල සහිරා විදුහල අතර තරගය |
පෙබ. 2 | ප. ව. 12.30 | කළුතර සිරිකුරුස විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර තරගය |
පෙබ. 2 | ප. ව. 4.00 | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර තරගය |
පෙබ. 3 - 4 | අර්ධ අවසන් පූර්ව තරග | |
පෙබ. 8 | අවසන් පූර්ව තරග | |
පෙබ. 16 | ප. ව. 1.00 | තෙවැනි ස්ථානය තෝරාගැනීමේ තරගය |
ප. ව. 2.00 | ප්‍රවීනයන්ගේ ප්‍රදර්ශන තරගය | |
ප. ව. 4.40 | අවසන් මහ තරගය |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.