Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ප්‍රාදේශීය පාපන්දු ලීග 64 කට රුපියල් කෝටි හය හමාරක්

ප්‍රාදේශීය පාපන්දු ලීග 64 කට රුපියල් කෝටි හය හමාරක්

editorial - 2022 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

වලංගු පාපන්දු ලීග (සංගම්) 64ක් සඳහා රුපියල් ලක්ෂ 10 ක් බැගින් ප්‍රදානය කිරීමට ‘ශ්‍රී ලංකා පාපන්දු’ ආයතනය සැරසේ. එහි ප්‍රථම පියවර ලෙස ඉකුත් දා යාපනය අරියාලේ ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැති ශ්‍රී ලංකා පාපන්දු මධ්‍යම කමිටු රැස්වීමේ දී ඊට සහභාගි වී සිටි ලීග 53කට අයත් නියෝජිතයන්ට රුපියල් ලක්ෂ දෙක හමාරක් (2,50,000) ක් බැගින් ප්‍රදානය කෙරුණි.

පාපන්දු ලීග 64 ට රුපියල් ලක්ෂ 10 ක් බැගින් ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට වැයවන මුළු මුදල රුපියල් කෝටි හය හමාරකට (6,40,00,000) ආසන්න වේ. 

මෙම මුදල් ප්‍රදානය කෙරන්නේ ලීග් රැසක දැනට අඩපණව පවතින වාර්ෂික තරගමාලා සංවිධානයට බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා අරියාලේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

‘‘පාපන්දු ලීග්වලින් රටේ පාපන්දු ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනයක් අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ. එහෙම බලාපොරාත්තු වෙන්නත් බෑ. ඒකෙ වගකීම තියෙන්නේ පාපන්දු ආයතනයටයි“

“මේ සල්ලි, අදියර  කීපයකින්, අපි දෙන්නේ ඔවුන්ට වාර්ෂික තරගමාලා කීපයවත් හරියට කර ගන්නයි. ඒ හැම පාපන්දු ලීගයකටම අපි උපදෙස් දීලා තිබෙනවා රන් කුසලාන හා රිදී කුසලාන යනුවෙන් වාර්ෂිකව තරගාවලි දෙකක් කරන්න කියලා“

එය වැදගත් වන්නේ එයින් අපට ප්‍රාදේශීය වශයෙන් දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගන්න ලැබෙන අවස්ථාවක් බවට එය පත්වෙන නිසයි.’’ යයිද ජස්වර් උමාර් මහතා අරියාලේදී පැවසීය.
 


අදහස් (0)

ප්‍රාදේශීය පාපන්දු ලීග 64 කට රුපියල් කෝටි හය හමාරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.