Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පළමුව තමන්ගේ ලීගය ගොඩගන්න - රංජිත්

පළමුව තමන්ගේ ලීගය ගොඩගන්න - රංජිත්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන්ගේ පාපන්දු ලීගය ගොඩ ගත නොහැකි පුද්ගලයකුට රටේ පාපන්දු කී‍්‍රඩාවේ තාක්ෂණය ගැන කතා කළ නොහැකි බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.

පාපන්දු සම්මේලනයේ තාක්‍ෂණික කමිටුවේ වත්මන් සභාපති රෝහිත  ප‍්‍රනාන්දු මහතාට චෝදනා කරමින් පාපන්දු සම්මේලන සභාපතිවරයා පවසන්නේ මාලදිවයිනට ගෝල 10-0 කින් ශ්‍රී ලංකාව පරාජයවීම තුළ කියා පාන්නේද ශ්‍රී ලංකාවේ පාපන්දු කී‍්‍රඩාව තාක්ෂණයත් සමග ඉදිරියට ගොස් නොමැති බව යයිද කියයි.

පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා හා එහි තාක්ෂණික කමිටුවේ සභාපති රෝහිත ප‍්‍රනාන්දු මහතා අතර මේ වන විට දැඩි මතගැටුමක් ඇතිවී තිබේ.

තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා වන තමන් නොසළකා හරිමින් කටයුතු කිරීමට පාපන්දු සම්මේලන සභාපතිවරයා කි‍්‍රයා කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් රෝහිත ප‍්‍රනාන්දු මහතා පසුගියදා රංජිත් රුද්‍රිගු මහතා ලිපියක් යොමු කළේය. එම ලිපියේ පිටපත් කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඇතුළු පාපන්දු සම්මේලනයේ විධායක සභිකයන්ට ද යොමුකිරීමට ප‍්‍රනාන්දු මහතා පියවර ගෙන තිබිණි.

තත්ත්වයේ වෙනසක් නොවුණහොත් තමන් නීති මගින් කටයුතු කරන බවටද රෝහිත ප‍්‍රනාන්දු මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබිණ.

මෙම ලිපියට ප‍්‍රතිචාර දක්වන පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා පවසන්නේ ලබන මාර්තු 22 වැනිදා පැවැත්වෙන පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡ කෙරෙන බවද පවසයි.

පාපන්දු සම්මේලනයේ විධායක සභාව බැඳී සිටීන සාමූහික වගකීම් කඩකරමින් මාධ්‍යවලට අදහස් දැක්වීම පිළිබඳව රෝහිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා පත‍්‍රයක් 22 වැනිදා සම සභා රැස්වීමේදී ඉදිරිපත් වෙනු ඇතැයිද වාර්තා වේ.

තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා තමන්ට චෝදනා කරමින් යොමු කළ ලිපියේ කරුණු මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරන බව රංජිත් රුද්‍රිගු මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

රංජිත් රුද්‍රිගු මහතා වැඩිදුරටත් පැවසුවේ තමන් පාපන්දු සම්මේලනයේ සභාපතිධුරයට පත්වූදා සිට රෝහිත ප‍්‍රනාන්දු මහතා කිසිදු සහයෝගයක් නොදුන්නා පමණක් නොව තමන් සැළසුම් කළ වැඩ කටයුතු කඩාකප්පල් කිරීමටද උත්සාහ දැරූ බවයි.

රංජිත් රුද්‍රිගු මහතා මෙසේද පැවැසීය.
”රෝහිත ප‍්‍රනාන්දු මහතා සභාපතිධුරය දරන වෙන්නප්පුව පාපන්දු ලීගයේ කී‍්‍රඩා සමාජයත් එෆ්.ඒ. කුසලාන තරගාවලියේදී ගෝල 18-0 කට පැරදුණා. රටේම පාපන්දු තාක්ෂණය ගැන කතා කරන ප‍්‍රධානියාගේ ලීගයේ තත්ත්වයත් මේකයි”

”මට යොමු කළ ලිපියේ පිටපත් පාපන්දු පරිපාලනයේ දැන් නොමැති අනවශ්‍ය පුද්ගලයන් අතටත් යවලා. තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාගේ අරමුණ කුමක්ද යන්න මේකෙන් පැහැදිලියි”

”මම පාපන්දු ලීගයේ සභාපතිධුරයට පත්වීමෙන් පසු එය  නුරුස්සන බලවේගයක් ඔහු හසුරුවන බව මේ සිද්ධියෙන් හොඳටම පැහැදිලියි. ඔහු ඒ බලවේගයේ ප‍්‍රධාන ඉත්තකු ලෙස මේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා”

”සභාපතිවරයා නැති වුණත් තාක්ෂණික කමිටුවේ අනෙකුත් සියලූම නිලධාරීන් මා සමග සහයෝගයෙන් වැඩ කරනවා. පසුගිය කාලයේදී තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු කිසිදු දෙයක් කළ බවට අපට තොරතුරු ලැබිලා නෑ” යයිද රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.

රෝහිත ප‍්‍රනාන්දු මහතා පාපන්දු සම්මේලනයේ නියෝජ්‍ය ලේකම්වරයකු (තාක්ෂණික කටයුතු) ලෙසත් කටයුතු කරයි.


අදහස් (0)

පළමුව තමන්ගේ ලීගය ගොඩගන්න - රංජිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.