
වැන්ටේජ් (එෆ්. ඒ.) කුසලන පාපන්දු තරගාවලියේදී ජෙට් ලයිනර්ස් පිල පරදවා දඬුවම් පහර 3-2 ක ජයක් ලබාගැනීමට නිව් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය සමත් විය. තරගයේ සම්පූර්ණ කාලය නිමාවේදී දෙපිලම ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ හෙයින් දඬුවම් පහර මත තරගයේ ජයග්‍රාහකයා තීරණය කෙරිණ.
මෙම තරගය බැද්දගාන පාපන්දු සංකීර්ණයේදී පැවැත්විණ.
නිව් ස්ටාර්ස් පිල වෙනුවෙන් එම්.එෆ්.එම් ෆසීල්, එම්. එස්.එම් ශකීර් සහ එම්. බී. රීමාස් දඬුවම් පහර සාර්ථක කරගත්හ.
ජෙට් ලයිනර්ස් පිල වෙනුවෙන් සී. ක්‍රිෂාන්ත සහ එච්. ඩී. හෙට්ටිආරච්චි දඬුවම් පහර සාර්ථක කරගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.