Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football දක්ෂිත විසිවෙයි

දක්ෂිත විසිවෙයි

editorial - 2023 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අනුරාධපුරය ලීගයේ සභාපති දක්ෂිත තිලංග සුමතිපාල මහතාගේ සහාපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කිරීම  නිලවරණ කමිටුව අද (4) තහවුරු කිරීමත් සමග සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී (2023—27) ජස්වර් උමාර් මහතාට සභාපති ධුරයට නිතරගයෙන් පත්වීමේ අවස්ථාව උදාවී තිබේ.

නාමයෝජනා විරෝධතා විභාග කර ප්‍රකාශයට පත් කිරීම නිලවරණ කමිටුව අද අවසන් කළ අතර ඊට පෙරම දක්ෂිත සුමතිපාල මහතාගේ නාමයෝජනාව සුදුසුකම් ඌනතා මත ප්‍රතික්ෂේප කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු  ආචාර්ය අබ්දුල් මජිඩ් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව කටයුතු කළේය.

කෙසේ වුවත් සභාපති අපේක්ෂක ජස්වර් උමාර් මහතා ඇතුළු එම පාර්ශවයේ නාමයෝජනා ලැයිස්තුවට දක්ෂිත සුමතිපාල මහතාගේ පාර්ශ්වය ගොනු කළ විරෝධතා සියල්ලම ප්‍රතික්ෂේප කිරීමටත් නිලවරණ කමිටුව අද කටයුතු කළේය.

දක්ෂිත සුමතිපාල පාර්ශ්වයේ නාමයෝජනා හතරක් අද ප්‍රතික්ෂේප වීම පිළිබඳව එම පාර්ශ්වයෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට තරග වදින වෙන්නප්පුව ලීගය සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනුකරන බවයි.

කෙසේ වුවත් සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණය වැළැක්වීම සඳහා නඩු පැවරීමට අධිකරණයේ හෝ වාරණ නියෝගයක් ලබා ගැනීමට සිය පාර්ශ්වය උත්සාහ නොගන්නා බවත් එහිදී සිය පාර්ශවයේ ඡන්ද සටන තමන් විසින් මෙහෙයවන බවත් රෝහිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

දක්ෂිත විසිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.