Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජුවෙන්ටර්ස් අභියෝග කුසලාන පාපන්දු තරගාවලිය 12 වැනිදා

ජුවෙන්ටර්ස් අභියෝග කුසලාන පාපන්දු තරගාවලිය 12 වැනිදා

editorial - 2023 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනුවන්ගොඩ ජුවෙන්ටර්ස් පාපන්දු විද්‍යායතනය පළමු වරට සංවිධානය කරන වයස 16 න් පහළ බාලක පාපන්දු තරගාවලිය මෙම මස 12 වැනිදා පෙරවරු 7.00 සිට මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටය කණ්ඩායම් 3 බැගින් වූ කාණ්ඩ 2 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්වේ. මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ ශූරයන් අතර අවසන් මහ තරගය පැවැත්වෙනු ඇත.

තරගාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහිදී ශූරතාවට සහ අනු ශූරතාවට අමතරව දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම දැල රකින්නා සඳහාද සම්මාන පිරිනැමේ.  

- 036


අදහස් (0)

ජුවෙන්ටර්ස් අභියෝග කුසලාන පාපන්දු තරගාවලිය 12 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.