Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජස්වර් ආසියානු පාපන්දු සමුළුවට යයි

ජස්වර් ආසියානු පාපන්දු සමුළුවට යයි

editorial - 2023 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘‘බහරේන්’’ රාජ්‍යයේදී පැවැති ආසියානු පාපන්දු සමුළුවේ (AFC) නිලවරණය හා මහ සභා රැස්වීමට එහි මෙතෙක් විධායක කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා සහභාගී විය.

ඉකුත් ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු තරග තහනමක් පැනවීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කර තිබියදී ජස්වර් මහතා ආසියානු සමුළුවට සහභාගී වූයේ එහි විධායක කමිටු සාමාජිකයකු ලෙස ඊට සහභගීවීමට ලද ඇරයුමට අනුවයි.

එම ධුරය නියෝජනය කරමින් ජස්වර් උමාර් මහතා සහභාගී වූ අවසන් රැස්වීමද එය වේ. ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු තහනමක් පැනවී තිබෙන තත්වයක් තුළ එයින් මිදෙනතුරු නැවත ජාත්‍යන්තර පාපන්දු පරිපාලන ධුර සඳහා තරග වැදීමද ශ්‍රී ලංකාවට තහනම් වේ.

කෙසේ වුවත් ජනවාරි 14 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට පත්වූ නව විධායක සභාව ජස්වර් මහතාට එතෙක් හිමිව තිබූ ආසියානු සමුළුවේ විධායක සභා අසුනට මෙරට වෙනත් අයෙකු නිර්දේශ කර යවා ඇතත් ජාත්‍යන්තර තහනම හමුවේ එය ආසියානු සමුළුව පිළිගෙන නැත.

මේ අතර ආසියානු පාපන්දු සමුළුවේ බහරේන්හිදී පැවැති නිලවරණයේදී (2023-27) හිටපු සභාපති ෂෙයික් ෂලමාන් බින් ඉබ්‍රාහිම් අල් කලීෆා මහතා ඇතුළු විධායක සභිකයන් බහුතරයක් යළිත් එම ධුර සඳහා නිතරගයෙන් තේරී පත්ව තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරන දකුණු ආසියාවෙන් ඒ සඳහා බංග්ලාදේශය, මාලදිවයින හා නේපාලයෙන් සභිකයන් තිදෙනකු තේරී තිබේ.


අදහස් (0)

ජස්වර් ආසියානු පාපන්දු සමුළුවට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.