ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී නිගම්බු යූත් ක්‍රීඩා සමාජයට එරෙහිව කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-0 ක් ලෙස ජය ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.
තරගයේ 26 වැනි මිනිත්තුවේදී ගයාන් කැළුම් පෙරේරා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.
නිගම්බු යූත් ක්‍රීඩා සමාජයේ තුෂාන් දම්මික 84 වැනි මිනිත්තුවේදී රතු කාඞ්පතක් ලබා පිටියෙන් ඉවත්ව ගියේය. නිගම්බු යූත් ක්‍රීඩා සමාජයේ කමල් සිල්වාද, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩී.කේ. දුමින් සහ හර්ෂ ප්‍රනාන්දුද එහිදී කහ කාඞ්පත් ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.