Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොළඹ හමීඞ් අල් හුසේන් - ශා.බෙනඩික් පාපන්දු අවසන් තරගයට

කොළඹ හමීඞ් අල් හුසේන් - ශා.බෙනඩික් පාපන්දු අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘හමීඞ් අල් හුසේන්’ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සමත්වූහ.

ඉකුත් සෙනසුරාදා (8 වැනිදා) පැවැති අවසන් පූර්ව වටයේ තරග වලදී කොළඹ හින්දු විදුහල ගෝල 4-0 ක් ලෙස පරාජය කරමින් කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දඩුවම් පහර මගින් ගෝල 3-1 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරමිනි.
මෙතෙක් පැවැති තරග වලදී කොළඹ හමීඞ් අල් හුසේන් විදුහලේ මොහොමඞ් රෙමාන් (හින්දු විදුහලට සහ කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව) ගෝල 4 ක්ද, එම විදුහලේම මොහොමඞ් අෂාඞ් (කොළඹ රාජකීය විදුහලට එරෙහිව) ගෝල 3 ක්ද, කොළඹ වෙස්ලි විදුහලේ ජේ. ආර්. මෙන්ඩිස් (මීගමුව අල් හිලාල් මැදි විදුහලට එරෙහිව) ගෝල 3 ක්ද රැස්කිරමින් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ කී‍්‍රඩකයන් අතර පෙරමුණෙ පසුවෙති.

ඒ අනුව කොළඹ හින්දු විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 16 වැනිදා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියට සමගාමීව ප‍්‍රවීනයන් වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව තරගද ඉකුත් සෙනසුරාදා පැවති අතර ඒවායින් ජය ලැබූ ආදි බෙන්ස් සහ කොළඹ ප‍්‍රවීනයන්ගේ කණ්ඩායම් අතරද 16 වැනිදා අවසන් මහා තරගයක් පැවැත්වේ.

‘සෝහෝ හවුස්’ සමාගමේ අනුග‍්‍රහයෙන් හමීඞ් අල් හුසේන් විදුහලේ 80 කණ්ඩායම මෙම තරගාවලිය සංවිධානය කරයි.

 

 

 

 

 

 

 

 

ශාන්ත බෙනඩික් විදුහල

 

 

 

 

 

 

 

 

 

හමීඞ් අල් හුසේන් විදුහල


අදහස් (0)

කොළඹ හමීඞ් අල් හුසේන් - ශා.බෙනඩික් පාපන්දු අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.