වයස 19 න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති තරගයෙන් කොළඹ මහානාම විදුහල ගොල් 3 - 1 ක ජයක් ලැබීය. තරගය 3 වැනි කාණ්ඩය යටතේ ස්ටැන්ලි ජාන්ස් ක‍්‍රීඩා පිටියේදී පැවැත්විණ.
කොළඹ මහානාම විදුහල වෙනුවෙන් කවිංග දර්ශාන් ගෝල 2 ක් ලබාගත් අතර ගිහාන් ආකාෂ් එක් ගෝලයක් ලබාගත්තේය.
පසුගියදා කොළඹ අශෝක විදුහල හා කොළඹ මහානාම විදුහල අතර පැවති පාපන්දු තරගයෙන්ද කොළඹ මහානාම විදුහල විශිෂ්ට ලබා ගත් අතර අශෝක විදුහලට කිසිදු ගෝලයක් ලබානොදී මහානාම විදුහල ගෝල 6 ක්ම රැස්කිරීම කැපීපෙනුණි. මෙම සුවිශේෂී දක්ෂතාව නිසා කොළඹ මහානාම විදුහල තරගාවලියේ දෙවැනි වටයටද සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.