Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොළඹ ක්‍රීඩා සමාජය යළිත් පෙරමුණට එයි

කොළඹ ක්‍රීඩා සමාජය යළිත් පෙරමුණට එයි

Nisanka Sandeepani - 2019 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ජනවාරි මස 21 වැනිද දක්වා පැවැති තරගවලදී ප්‍රසාද ලකුණු 27 ක් ලබා යළිත් වරක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත්වී තිබේ. 

මෙතෙක් තරග 12 කට සහභාගි වී ඇති කොළඹ ක්‍රීඩා සමාජය ඉන් තරග 8 ක් ජයගෙන, තරගයක් පරාජය වී සෙසු තරග 3 විසඳුමකින් තොරව අවසන් කර ගෙන තිබේ. 

ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය සහ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයද ප්‍රසාද ලකුණු 27 බැගින් ලබා සිටියද, මෙතෙක් සහභාගි වී ඇති තරග වලදී ලබාගත් ගෝල සංඛ්‍යාවන් අනුව ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානයන්ය. 

ඩිෆෙන්ඩර්ස් සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම් දෙකද තරග 12 කට සහභාගි වී ඉන් තරග 8 ක් ජයගෙන, තරගයක් පරාජය වී සෙසු තරග 3 විසඳුමකින් තොරව අවසන් කර ගැනීමට සමත්ව තිබේ. 

නේවි සී හෝක්ස් පාපන්දු සමාජය ප්‍රසාද ලකුණු 24 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේද, රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය ප්‍රසාද ලකුණු 20 ක් ලබා එහි පස්වැනි ස්ථානයේද රැදී සිටිති. 

-036 


අදහස් (0)

කොළඹ ක්‍රීඩා සමාජය යළිත් පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.